ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන් සිංහල ජාතියට
ජාතියක් වශයෙන් හා ආගමක් වශයෙන් සිංහල ජාතියට ආවේනික වූ සිරිත් විරිත් වලින් අනිත් ජාතීන්ට වඩා පරිපූර්ණ වූ සහ කිසිවෙකුට හෙලා නොදැකිය හැකි සංස්කෘතියක් ඇත. එහෙත් එයට පරිබාහිරව සින්හල ජාතිකයන් කටයුතු කරන නිසාම නොයෙකුත් ගැටලු සහගත තත්වයන්ට මුහුන පාන්නට සිදු වී ඇත. එය හරියට තමන්ට යායුතු මග තිබියදී නොමගට ගොස් කිසිදු දැනුමක් නැති කාන්තාරයක අතරමන් වූවාක් හා සමානය. එහි වැලි රත්වෙන මොහොතට උඩ පැන පැන හඩ ගගා කෑගසයි. එහෙත් එය නොදැනෙන රැයට මොහොතකට එ කිසිත් මතක නැත. මෙයම නොවෙද අපෙ සිංහල ජාතියට වෙලා තියෙන්නේ? ඇයී එහෙම උනේ යායුතු මග තිබියදී නොමග ගිය නිසාම නොවේද? සමාජගත සත්වයාද තිරක් තියෙන තැන මැනවින් දැන තොරක් නැතිව අන්‍යන්ගේ සංස්කෘතීන්ට අවනත වෙන්නට සිතන පතන නිසාම සහ ඒ තුල ඇති ගුණ සහ අගුණ ගැන කිසිදු විමසීමකින් තොරව ඒ සියල්ලම වැලද ගන්නා නිසාම අකටයුතුකම් කරමින් සමාජය තුල පරාජිතයන් ලෙස බියගුලු ස්වභාවයක් උසුලයී.
අප සියල්ලෝම කිසිදු
මොහොතක නොසිතන එකම කරුණක් ඇත. එය නිසාම අපේ ජීවිත තුල නොයෙක් ගැටලු
ඉක්මනින්ම නිර්මාණය වනු ඇත. ඒ කුමක්ද? මත්ද්‍රව්‍ය ලක්දිවට හදුන්වා දුන්නේ
ඇයී? ඒ තුලින් අනිත් රටවල් තුල ඉන්න ඇත්තන් බලාපොරොත්තු වනුයේ කුමක්ද? ලක්දිව
ඇති හොදට සිතා මතා කටයුතු කරන්නවුන්ගේ මනස සහ ශරීරය විකෘති කර විනාශ
කිරීමේ අරමුනම නොවේද?
උම්මත්තකා විගත ලජ්ජි ගුණා භවන්තී
දීනාසද්යශනා ශෝක පරායනාචජාතා භවෙසු විවිදෙසු විරූප දේහා
පීත්වා හලා හල විසන්ච සුරා විපඤ්ඤා..
යමෙකු අප්‍රමාදයට හේතුවන මත් ද්‍රව්‍ය පරිහරනය කරන්නේ නම් ඔහු මෙලොවදීම උම්මත්තකයෙකු,දිලින්දෙකු, අලජ්ජී පුද්ගලයෙකු, නින්දා ලබන්නෙකු බවට, ශෝක කරන්නෙකු, ලෙඩ රෝගයන්ට ගොදුරු වන්නෙකු මෙන්ම නැවත අත්භවයක උපදින්නේ නම් විරූපී දේහයක් ඇතියෙකු මෙන්ද උපදිනු ඇත.එසේම තමන් සතු වූ නෑ හිත මිතුරන්ට තමන්ව එපාවන තත්වයක් උදාවනු ඇත.
Komentar
Posting Komentar