අම්මෙක් තාත්තෙක් නොමැති ජීවිතයක්

අම්මෙක් තාත්තෙක් නොමැති ජීවිතයක් ජීවත් කරවන්නේ කෙසේද? ඒ  ජීවිතයට අවැසි ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, ආදර්ශය, ලබා ගන්නේ කොහොමද? ඒ කවරාකාරයෙන්ද? අප සියලුම දෙනා මේ සැප සම්පත් ලබන්නට නිතැතින්ම කැමැත්තෝ වෙමු. එහෙත් ඒ සැප සම්පත් ලබන්නට නොහැකි කෙතරම් ජීවිත ප්‍රමාණයක් මේ ලෝකය තුල මානසිකව මෙන්ම කායීකව දුක් විදිනවාද? ඒ දුක් වේදනාව නිමා වෙන්නේ කවර නම් මොහොතකද? ඒ අයුරින් දෙමවුපියන් අහිමිව උපදින්නේ ඇයී? ස්වභාව දහම විසින් ඇයී ඒ අයුරින් මිනිසුන් නිර්මාණය කරන්නේ? කවර නම් කරුණක් පදනම් කරගෙනද?ඒ අයුරින් දෙමවුපියන් අහිමිව ලොවට දායාද වන සමහර පුද්ගලයින් සමාජය තුල මනා පිලි ගැනීමකට පාත්‍ර වන චරිතයන් අයුරින් මෙන්ම අප්‍රිය චරිත අයුරිනද නිර්මාණය වනු ඇත. ඒ ඔවුනොවුන්ගේ මානසිකත්වය අනුවමය. ජීවිතයක් තනන්නෙකු මිසක් ජීවිතයක් වනසන්නෙකු වන්නට අප කිසිදු මොහොතක නොසිතිය යුතුයී. ඒ මන්ද යත් අප මේ ලෝකයට තනිවම ඉපදුනා නම් ඒ තනිවම ඉපිද තනිවම දිවි ගෙවන්නට අවැසි වන වස්තු සම්පත් අපට ස්වභාව දහම විසින්ම දායාද කොට ඇත. එයද උපයෝගී කොට ගනිමින් ජීවිතය ඉදිරියට ගෙන යන්නට වෙර දැරිය යුතුයී. එහෙම නැතුව මට දෙමවුපියො නැහැ යැයි සුසුම් හෙලමින් හිදීමෙන් කිසිදු අරමුනක් වෙත මැනවින් පිය නගන්නට හැකි නොවනු ඇත. ජීවිතයට ලැබෙන හැම සැපතක් මෙන්ම දුකක්ද එකම අයුරින් පවත්වා ගන්නට නම් තමන්ගේ මානසික හැසිරීම් රටාව නිවැරදීව හැසිරවිය යුතුයී. එසේ නොවන්නේ නම් දෙමවුපියන් අහිමි වුනු ජීවිතයකට හෝ දෙමවුපියන් අසලම සිටින ජීවිතයකට කිසිදු මොහොතක ජීවිතය මැනවින් ජය ගන්නට නොහැකි වනු ඇත. අප සෑම කාර්‍ය්ක්ම කරන්නට යාමෙදී ඒ කාර්‍ය් කිරීම සදහා අප සතුව පවතින හැකියාව කෙබදු දැයී අප මනා අවබෝදයකින් සිටිය යුතුයී. එසේම ඒ හැකියාව තමන් සතුව නොමැති නම් ප්‍රතමයෙන් ඒ හැකියාව තමන් සතු කරගෙන ඉදිරියට යන්නට කටයුතු කල යුතුයී. එසේ නොවන්නේ නම් අපගේ ජීවිතය කවරාකාරයෙන්වත් නගා සිටුවන්නට නොහැකි වනු ඇත. එසේමය දෙමවුපියන් නොමැති ජිවිතයකටද අවැසි වන මුලින් සදහන් කරන ලද අවශ්‍යතාවයන් අන්‍යන්ගෙන් මැනවින් නොලැබෙන්නේ නම් එය තමන්ගේම මනස තුලින් නිර්මාණය කරගෙන තමන්ට අවැසි අයුරින් භුක්ති විදිය යුතුය. ඒ තුලින් මනා සැනසීමක් ලද හැකිය.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::