ඔබ සතු චිත්තවේගික හැගීම් පිටකර ගන්නේ කෙලෙසද?

ඔබ සතු චිත්තවේගික හැගීම් පාලනය කර ගැනීමේදි අනුගමනය කරන ක්‍රියාවන් මොනවාද?


පිරිමියාට සහ ස්ත්‍රියට මෙය දෙයාකාරයකින් බලපානු ඇත.බොහෝ පිරිමින්ට සිත් තැවුලක් පැමිණි සද කරන්නේ 90%ක්ම මත්ද්‍රව්‍ය පරිහරනය කිරිම හෝ නිහඩව සිටීමය. මෙය මිනිසාගේ ආරම්භයේ පටන්ම සිදුවුන කාර්‍ය්යකි. එසේත් නැත්නම් එම ගැටලුව නිර්මාණය කළ පුද්ගලයා සොයගෙන ගොස් ඔහු විනාශ කරන්නද පෙලබෙනු ඇත.
එහෙත් කාන්තාව කරන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියකි. ඒ කුමක්ද? තම ස්වාමියා ඇත්නම් ඔහු සමග උරනව කියවයී. එය ස්වාමිය අසා නොසිටින බවක් ඇයට හැගෙන්නේ නම් ඇය ඉන් අනතුරුව සිදු කරන්නේ දුරකථනයෙන් හෝ තම හිතවතෙකුට හෝ මවට, සහොදරියකට හරි ප්‍රකාශ කිරීමයී. එය ඒ අයුරින් ප්‍රකාශ කරන විට ඒ උදවිය ඇය ගැන කිසිදු පැහැදීමක් හෝ පිළිගැනීමක් සිදු නොකරන්නේ නම් එතනදි තවත් පීඩනයකට පත්ව නිහඩ්ව තමන් සතු කුමක් හෝ කාර්‍ය්යක  නියැලෙන්නට වෙයී. මෙය ඔවුනොවුන්ගේ චිත්තවේගික ගැටලු විසදා ගැනීමට ඔවුන් විසින්ම නිමවා ගන්නා ලද ප්‍රතිකාරයන්මය.


ඔබ මොහොතක් හිතන්න. ඔබේ ස්වාමියා කුමක් හෝ ගැටලුවකින් සිටින විට ඔහු සමග දොඩමලු වෙන්නට වෙර දරන විට ඔහු එකම ස්නයකින් ප්‍රකාශ කරන්නේ කුමක්ද? මට මගේ පාඩුවේ ඉන්නදීල නිහඩව ඉන්න යනුවෙන් නොවේද? එය එසේමයී.එයට හේතුව කුමක්ද? පිරිමිය හැම මොහොතකම ගැටලුවක් පැමිණි සද එයට විසදුම් සොයන්නේ ස්වකීය චින්තනයම උපයෝගී කරගනිමිනි. එවැනි අවස්ථාවන් තුළදී ස්වාමි භාර්‍යාව සිදු කළ යුත්තේ ඔහු සමග උරෙන් උර ගැටෙමින් බැන වැදීමට නම් නොවේ. එහෙනම් ඔයා නිහඩව තනියම විසදුම් හොයන්න කියා සිතින් සිතාගෙන ඔහු සමීපයට විඩාව නිවාගැනීමට සුදුසු බීමක් හෝ ආහාරයට යමක් ගෙනගොස් දීම පමණි. එවිට ඔහු සාමකාමී මනසකින් තම චිත්තවේගීක මානසිකත්වය මග හරවාගෙන යලිත් ප්‍රකෘති තත්වයට පත්වනු ඇත. මෙය මුලු මහත් ලෝකයේම ජීවත්වන පිරිමින් සතු ස්වභාවයයී.

ස්ත්‍රියක් ගැටලුවක් පැමිණි සද සිදු කරන්නේ ඉහතින් සදන් කරන ලද කියවීමේ ක්‍රියාවලියයී. එවිට ස්වාමියා එය අසාගෙන සිටිය යුතුයී. එහෙත් එය අසගෙන නොසිට එයට ඔබ හරස් පිලිතුරු සපයන්නේ නම් එතනදී මහත් ගැටලුවක් ඇති වනු ඇත. අප ජීවත්වන සමාජගත පරිසරය තුළ මේ ඇහුම්කන් දීමට ඇති නොහැකියාව නිසා කෙතරම් ගැටලු සමූහයක් අප හමුවේ අද නිර්මාණය වී ඇත්දැයී අප විසින්ම සොය බැලිය යුතුයී. විවාහ ජීවිත තුළ නොයෙකුත් අසාර්ථකත්වයන්ට මූලික හේතුව වී ඇත්තේ මෙන්න මේ හේතුවයී.

ඔබ ඔබේ ජීවිතය නිවැරදිව ජීවත් කරවන්නට වෙරදරන්න. එහෙත් ප්‍රථමයෙන් ඔබට ගැටලුවක් පැමිනි සද අනුගමනය කළයුතු ප්‍රතිකර්ම මොනවාද යන වග විමසා බලන්න. පිරිමියා හා ස්ත්‍රිය සතු වෙනස්කම් මොනවාද යන වග සොය ගන්න. එසේම තම ස්වාමියා කැමති මොන විදිහටද? භාර්‍යාව කැමති මොන විදියටද? යනාදී ඔවුනොවුන්ගේ චින්තන ස්වභාවයන් ගැන මනා අවබොධයක් ලබාගන්න. එවිට ඔබගේ මුලු මහත් දිවියම මනා සතුටකින් පිරි දිවියක් අයුරින් ගෙවිය හැක. එසේ නොවුනු සද මහත් මානසික පීඩනයෙන් යුතු දුක්ඛිත ජීවිතයක්ම ගත කරන්නට සිදුවනු ඇත. එය එසේ සිදුවන්නේ ඔබ සතු නොසැලකිලිමත්කම නිසාම බවත් සිහියෙහි තබාගෙන කටයුතු කරන්න.

ඔබ ඔබේ ජීවිතය තුළ මෙවැනි අත්දැකීම වලට මුහුණපා ඇත. එහෙත් එවිට ඔබ එයට ප්‍රතිඋපකාර කළ ආකාරය කෙබදුද? එසේම එයින් ලැබුනු ප්‍රතිඵලය කෙබදුද කියා ඔබ ඔබෙන්ම විමසා බලන්න.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::