ඔබ සතු සෘණාත්ම්ක සිතුවිලි තුළම නියැලෙන්නේ නම්

ඔබට සමාජය තුළ යම් මට්ටමකට පත්විය නොහැකියැයී නොසිතන්න. ඒ මන්ද ඔබේ මානසිකත්වය එතනින් එහාට කිසිදු මොහොතක එසේ සිතූ පසු රෑගෙන යන්නට නොහැකිවන නිසාවෙනි. ඔබව සමාජය තුළින් කිසිදු පිළි ගැනීමකට පත්නොවන්නෙකු යැයී ඔබ නොසිතන්න. ඔබ හැම මොහොතකම සිතන්න මම අනිත් අයට වටින්නෙ නැති උනාට මට වටිනව. එසේම ඒ පුද්ගලයන් නොදන්නා කුමන හෝ යමක් මා දනිමි යනුවෙන්. එවිට ඔබ සතු සෘණාත්මක මානසික චින්තනය මග හෑරී ධනාත්මක සිතුවිලි නිර්මාණය වනු ඇත.

අප සමහර අවස්ථාවන් වලදී සමාජයේ ජීවත්වන නොයෙකුත් පුදගලයන්ගේ නොයෙකුත් අදහස් හා වචන හමුවේදී චිත්ත පීඩවන්ට හා මානසික බිද වැටීම් වලට නතුවේ. එහෙත් ඒ මානසික බිදවැටීම් තුළම ඔබ ජීවත් වන්නට ගියහොත් ඔබේ මුලුමහත් ජීවිතයම අදුරු යහනක් තුළ සතපවන්නට සිදුවනු ඇත.

ඔබ යම් මොහොතක සමාජයක් තුළදී ප්‍රතික්ෂේප වීමකින් බිදවැටීමකට නොගොස් මේ අයුරින් සිතන්න.

  1. මා සතුව බොහෝ වටිනා අදහස් මෙන්ම යම් දෙයක් වෙයි එහෙත් එය සමජයේ සියලුම දෙනට අවශ්‍ය නොවේ.
  2. යම් පුද්ගලයන් මගේ අදහස් හා මා එපා යැයී ප්‍රතික්ෂේප කරයී. එහෙත් ඉන් මා මාගේ අපේක්ෂා බිදගත යුතු නැත.
  3. මගේ අදහස් වලට ප්‍රියවූවෙකු හමුවන තෙක් මා උත්සහ කරමි. 
    4.  ප්‍රතික්ෂේප කිරීම නිසා මාගේ වැඩිදියුණුවීමට හා ඉගෙනීමට මනා      උපකාරයක්ඇතිවෙයී                                                                                                                                                                                                                                                                     මෙවැනි අදහස් තුළින් අපගේ බිදවැටෙන මානසිකත්වය නැවත ගොඩ නැගීමට මහත් හැකියාවක් ඇත. ඔබව සමාජය තුළින් අප්‍රිය පුද්ගලයෙකු වන්නේ නම් ඔබ ඔබට ප්‍රිය වූ පුදගලයෙක් වන්න. එසේම ඔබ යම් දෙයක් හෝ යම් වටිනා වස්තුවක් අතැතිවා මහ ඝණ වනන්තරයක් මැද ජීවත් වුවත් එය කවරෙකුට හෝ යම් මොහොතක අවශ්‍ය වනු ඇත. එවිට ඔබ සිටින තැනට ඔවුන් විසින්ම් මග නිමවාගෙන පැමිණෙනු ඇත. එතෙක් ඔබ නොසැලී ඔබ සතු දැනුම මෙන්ම යහපත් ආකලප මැණවින් වැඩි දියුණු කර ගන්නට වෙර දරන්න. ඔබ වනන්තරයක් මැද ඉන්නෙ. මාගෙන් කිසිවෙකුට කිසිදු කාර්යක් සිදු නොවේය යන සෘණාත්මක මානසික රචනාවන් තුළින් ඔබ මිදෙන්න. එවිට ඔබ සතු දිවියේ අදුරු මන්පෙත් සොදුරු කර ගනිමින් පෙරට යන්නට ඇථි හැකියාව ඉබෙටම ඔබට නොදැනීම නිමැවෙනු ඇත.


ඔබ ගමන් ගන්නා මාර්ගය තුළ ඔබ යන ගමන් මග අහුරන්නට බොහෝ බාධක ඇති විය හැකිය. එය ලෝකයේ සැබෑ ස්වභාවයයී. එය වලකන්නට නම් ඔබ කල යුත්තේ නිවැරදි නොසැලෙන අදිස්ඨානයෙන් කටයුතු කිරීමම පමණි. යහපත් මානසිකත්වය තුළින් ඔබ දකින හැම සිහිනයක්ම සැබෑ කරගත හැකි බව ඔබ තරයේම විශ්වාසයෙහි තබාගෙන කටයුතු කරන්න. එය ඔබට යහපතකම සිදු කරාවී.

    Komentar

    Postingan populer dari blog ini

    මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

    ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

    :: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::