ඔබ සතු ගැටළුව


ඔබ සතු ගැටළුව ගැටළුවක් අයුරින් නොදකින්න එහෙත් එය ඔබේ දිවිය දිනවන අවස්ථාවක් කර ගන්න.


ජීවිතය යනු සුන්දර අයුරින් නිමැවුනු රෝසමල් යහනාවක් නොවන බව අප සියල්ලෝම මැනවින් ප්‍රථමයෙන් අවබෝධ කොට ගත යුතුය. එසේ නොවන්නේ නම් සියලූම සත්වයින් ගමන් ගන්නා මාර්ගයන් සියල්ලක්ම අන්ධකාරයෙන් සැදුම්ලත් පරිසරයකටම උරුමකම් කියනු ඇත. අප සියලූම දෙනා සතුටින් පිරිපුන් මනා සැනසුමින්යුතු දිවියක් ගත කරන්නට උපතින්ම කැමැත්තෝ වෙමු. ඔබ හමුවට පැමිණෙන හැම ගැටලූවක්ම ජීවිතය ජය ගන්නට හැකියාව හා මන්පෙත් විවර කරනඅවස්ථාවක් කර ගන්නේ නම් එය ඔබගේ ජීවිතය ආලෝකයෙන් යුතු දිවියක් වෙතටම ගෙන යනු ලබයි. එහෙත් ඔබ හමුවට පැමිණෙන ගැටලූව ගැටලූවක්ම අයුරින් ඔබ දකිනා තුරු ඔබගේ දිවිය තුළ මහත් ආන්දොළනාත්මක පරිසරයක්ම අයුරින් නිර්මාණය කරයි.

1. ලෝකයේ ජීවත්වන්නා වූ බොහෝ පිරිසකගේ කාර්යන් ඉතා ඉක්මනින් කරලනු වස් පරිගණකය නිර්මාණය කරන ලදි.

2. එසේමස්වකීයඅවශ්‍යතාවයන්සදහාබැහැරයාමසදහායානවාහනනිමවා ඇත.

3. ගෙමිදුලට වැටෙන කොල රොඩු අතුගා සුද්ද පවිත්‍ර කරලනු වස් ඉදල් නිර්මාණය කොට ඇත.

4. ගෙවල්දොරවල් මනා අලංකාරයෙන් නිර්මාණය කරලීම සදහා අවශ්‍යකරණ දොර ජනෙල් නිර්මාණය කරලනු වස් කියත, යතු කැටය , නියන ආදී නොයෙකුත් ආයුධ නිර්මානය වී ඇත.

5. එසේම අන්ධකාරයෙන් පිරිනු නිවසට ආලෝකය සලසනු වස් භූමිතෙල් විදුලිය නිර්මාණය විය.

6. මිනිසුන්ගේ ගැටලූ විසදන්නට යමෙක් මැදිහත් විය යුතු නිසා නීතීඥයින් බිහිවිය

7. නොමග යන්නවුන්ට සුමග කුමක්දැයි වටහා දෙනුවස් ආගමික නායකයින් බිහිවිය


මේ සියල්ලෝම සිදු කරන ලද්දේ බොහෝ පිරිසකට මහා ගැටලූවක් වූ අවස්ථාවක් තවෙකෙකු එය ජීවත් වීමේ මාර්ගයක් අයුරින් නිර්මාණය කර ගත් නිසාම නොවේද? ඒ නිසාමයි. අප ගෙවන මේ ජීවිතය තුළට ලැබෙන  හැම ගැටලූවක්ම ඒ අයුරින් හැම පුද්ගලයෙකුම අවස්ථාවක් කර ගන්නේ නම් මුලූමහත් සමාජයම මීටත් වඩා සාර්ථකත්වයෙන් යුතු මිනිසුන් පිරිසක් දෙවිගෙවනු අපට දැකිය හැකිය. මිනිසුන් සතුවන අවශ්‍යතාවයන් එන්න එන්නම වැඩි වනු මිසක් කිසිදු මොහොතක එයවියැකී නොයේ. එයටහේතුව කුමක්ද? අප සියලුම දෙනා එකම සැපයකින් කිසිදු මොහොතක තෘප්තිමත් භාවයකට පත් නොවේ. ඒ නිසාම මිනිසුන් සතුවන අවශ්‍යතාවයන්ද දිනෙන් දින ඉහල යනු මිසක් පහල යනු දැකිය නොහැක.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::