පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ සිතුවිලි

පිරිමියා නිතරම ආහාර ලුහු බදින්නා හා ජීවිතාරක්සකයා ලෙස කටයුතු කිරීම සදාහා ඔහුගේ මොළය නිර්මාණය වී ඇත. එසේම ගැහැනිය දරුවන් වදන්නී හා ඔවුන් පෝසණය කරමින් ආරක්සකයා ලෙස නිවස තුළ රෑදී සිටින්නියක් අයුරින් ඇයගේ මොළයේ ක්‍රියා කාරිත්ය නිමැවී ඇත. එහෙත් මෙය තේරුම් ගෙන කටයුතු නොකරන නිසා නූතන සමාජය තුළ දිවි ගෙවන්නවුන්ගේ මානසිකත්වය තුළ නොයෙකුත් මානසික පීඩනයන් නිමැවී ඇත. බොහෝ පිරිමි ප්‍රමාණයක් සිතගෙන සිටිනුයේ තමන්ගේ නිවැරදිව සිතන මානසිකත්වය අවුල් සහගත තත්වයකට පත් කරන ඇල්කොහොල් පරිහරණය කළ නිසාම ගැහැනුන් තම තමන්ගේ වසගයට නතු වෙයි යනුවෙනි. එහෙත් එය පුහු මානසිකත්වයකි.එසේම කාන්තාවන් සිතගෙන සිටින්නේ ස්වකීය ශාරීරික අවයවයන්ගේ දෘස්ඨිය තුලින් හා බුද්ධිය තුළින් සියලුම පිරිමින් වසගයට පත් කළ හැකි බවයී. නැහැ මේ කියන සෑම අදහසක්ම වැරදි අදහස් බව ජීව විද්‍යාත්මක සාධක තුළින් හෙලි කර ඇත. එහෙනම් ඒ කවර කරුණුද?

පිරිමි ගැහැණුන්ගේ බලාපොරොත්තු වන්නේ          ගැහැණු පිරිමින්ගේ බලාපොරොත්තු වන්නේ‍

01. පෞරුසත්වය                                                                      01. පෞරුසත්වය 
02. විනෝදකාමී බව                                                                  02. හොද  පෙනුම
03. සංවෙදී බව                                                                          03. විනෝදකාමී බව
04. බුද්ධිමත් බව                                                                       04. බුද්ධිය
                  

මේ කරුණු දෙස මනා විමසීමෙන් බලන කල්හී අද අප ගතකරන සමාජය මොන තරම් පහල තත්වයකට ඇද වැටී ඇතිදැයි ඔබටම වටහා ගත හැකිය. ලෝකයේ දිවි ගෙවන්නාවූ සියලුම දෙනා ඉහතින් දක්වන ලද කරුණු වලට අනුකූල දිවියක් ගත කළ යුතුය. එහෙත් අද දිවි ගෙවන්නවුන් අනුගමනය කරන්නේ එයද?

මේ කරුණු පිළිබදව විමසා බැලීමෙන් ඔබ ඔබගේ මානසිකත්වය තුළින් ඔබේ සහකරුවා තෝරගෙන ඇත්තේ කවර කරුණු පදනම් කරගෙන යන වග සිතන්න. එලෙස පිරිමියා සතු එකම කාර්ය වූවේ ජීවියාගේ ආරම්භයේ පටන් වර්ගයා බෝ කිරීම හා ආහාර ලුහුබැදීමයී. ඒ නිසාම එදා සමජය තුළ බහු භාර්යා සේවනය තිබී ඇත.එසේම ඔබ නොදත් තව කරුණකි මෙය. පෙරදවස පැවතියේ යුද්ධ කටයුතු කිරීම හා රට පාලනය කිරීමයී. එයට සහභාගී වූවෝ පිරිමි සත්වයින්ය. එහිදී බොහෝ පිරිමින් පිරිසක් එම යුද්ධයන් තුළදී සවකීය ජීවිත තුළින් වන්දි ගෙවූ නිසා ඔවුන්ගේ භාර්යාවෝ රජ මැදුරෙහි අන්තප්පුරයෙහි ලැගුම් ගන්නට විය. එයට හෙතුව වූයේ රට පාලනය නිසා බොහෝ පිරිස මිය ගිය බැවිනි. ඒ අඩුවා පුරවන්නට සිදුවූයේ බොහොම සීමිත ප්‍රමාණයකටය. ඒ නිසා එදා පටන් අද දක්වාම පිරිමියාගේ මොළයේ ක්‍රියාකාරිත්වය සිදුවනුයේ තම වර්ගය බෝකිරීමේ කාර්යේ නියැලීමෙනි.

මේ සියල්ලටම මූලික හේතුව වී ඇත්තේ ස්වකීය චිත්ත සන්තානය තුළ ඇති වූ ආශාව පාලනය කර ගැනීමට නොහැකී වීමයී. තමන්ට රෑක ගැනීමට ලැබුනු කොටස රෑකගෙන ඒ ඒ රජවරුන් කටයුතු කළා නම් එවැනි මානසික හා කායික ක්‍රියා කාරිත්වයකට එදා පටන් අද දක්වා මොළයේ ක්‍රියා කාරිත්වය සිදු නොවනු ඇත.

පිරිමියාට හැකියාව ඇත්තේ එකම මොහොතක එකම කාර්යක නියැලීමට පමණි. ඒ නිසාවෙනි රූපවාහිනිය නරඹමින් සිටින මොහොතේදී හෝ ඩ්‍රරව් කරන මොහොතේදී යම් දුර කතන ඇමතුමක් පැමිණි පසූ රූපවාහිනියේ ශබ්දය අඩු කරන්නෙ හා වාහනයේ ක්‍රියාත්මක වන රේඩියෝව ක්‍රියා විරහිත කරන්නට පෙළෙඹන්නෙ. මේ සියල්ල සත්‍යය කරුණුද යන වග ඔබ සතු ඒ ඒ ක්‍රියාකාරකම් හා සසදා බලන්න. එහෙත් කාන්තාවන්ට එක කාර්යක් කරමින් තවත් කටයුත්තක නියැලෙන්නට බොහෝ හැකියාවක් ඇත. ඒ මන්ද ඇයගේ මොළය එදා පටන් අද දක්වා නිමැවී ඇත්තේ නිවස තුළ ඇති සියලුම දේ ආරක්සා කිරීමටය.

(මෙහි ඇති සමහර කරුණු උපුටා ගන්නා ලද්දේ ඇලන් බාබරා පීස් නැමති ග්‍රන්ථයෙනි.)

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::