ලෝකයේ ජීවත්වන්නා වූ සියලූම මිනිසුන්ට සැනසිල්ලේ විමසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍යය නම්

ලෝකයේ ජීවත්වන්නා වූ සියලූම මිනිසුන්ට සැනසිල්ලේ විමසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍යය නම් පථමයෙන් ඔවුන් සතුව නිදහස් නිවහල් හා නිවැරදි මානසිකත්වයක් හා චින්තනයක් තිබිය යුතුය. එසේ නොවන්නා වූ සෑම පුද්ගලයෙකුගේම මනස තුළ සතුට රජ යන්නට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොසැලසෙනු ඇත. අප සියලූම දෙනා මේ විශ්වය තුළ ජීවත් විය යුතුවා සේම ඒ ජීවත්වීම තුළින් අන්‍යයන්ද ජීවත් කරන්නට වෙර දැරිය යුතුයී. එසේ නොව්නේ නම් ඒ ජීවත්වීමෙන් කිසිවෙකුට කිසිදු ඵලයක් නොලද හැකිය.

 ඒ බව ලොව්තුරා බුදුන් වහන්සේ විසින්ද මැනවින් දේශිතය. ඒ කුමක්ද?

දුසිල්වත්ව අවිචාරවත් අයුරින් මෙලොව අවුරුදු සිය දහස් ගණනක් ජීවත් වනවාට වඩා සිල්වත්ව මෙලොව එක් දිනයක් ජීවත්වීමද අගනේය.

විෂමාකාර මිනිසුන් ජීවත්වන ලොකයක් තුළ ශීලාචාර මිනිසුන් පිරිසක් බිහි කරවන්නට වෙර දැරීමට අප යම් මොහොතක හෝ කටයුතු කරයි නම් ඒ වෙර දැරීමම යහපත් බව පැසසුමට ලක්කල යුතුය. අපට මේ විශ්වය තුළ ජීවත්වන්නා වූ සෑම පුහුදුන් පුද්ගලයෙකුගේම චින්තනයන් නිවැදිව වෙනස් කළ නොහැක. එය බුදුන්ටවත් කළ නොහැක්කක් විය. එහෙත් අප හැම මොහෙතකම කල්පනා කළ යුත්තේ හොදට ඇද පැළදගෙන ආහාරපාන අනුභව කරමින් උපදිමින් මැරෙමින් දුක හා සතුට හැම මොහොතකම නොවෙනස්ව වින්දනය කරමින් කරමින් ගත කරන්නේ නම් ඒ තුළ යථාර්ථාව බෝධයක් ලැබිය හැකිද යන්න පිළිබදවය. නොහාක. එසේ සිදුකළ නොහැකි නම් අප විසන් සිදුකරන හැම කාර්යක්ම සිදුකරන්ට ප්‍රථමයෙන් හා සිදුකර අවසානයේදී මා මෙය සිදු කිරීමෙන් ලබන ප්‍රතිඵලය කුමක්ද යනවගයි. එහෙත් එවැනි සිතුවිල්ලක් ඔබගේ සිත තුළ උපදිනවාද?

විඤ්ඤාණය නැමති මායාකාරයා විසින් මෙහෙයවනු ලබන රූපකායක් තුළින් අප දිනකට කෙතරම් ක්‍රියාකාරකම් රාශියක් සිදු කරනවාද යන්න පිළිබදව යම් මොහොතක කල්පනා කර බල්නන. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව අන්ධකාරයෙන් වැසුනු කාම ලොකයක් තුළ තමන් ගමන් ගන්නා මග කුමක්දැයි නොහදුනන්නවුනට එහි ඇති සියලූම අලංකාරයන් දකිමින් හා එහි සුන්දරත්වය වින්දනය කරමින් නිවැරදි වටහා ගැනීමක් තුළම ගමන් කරන්නට අවැසි චින්තනයක් නිමවන ලදි. ඒ චින්තනය තුළ නියැලෙමින් එහි අවසන ලබන විමක්ති සවයද බොහෝ පිරිසක් ලදහ. එසේම එය නොලබා මග මෙන්ම නොමග කුමක්දැයි මැනවින් වටහා ගන්නට නොහැකිවූවහුද සිටියහ. ඔවුන්ට අත්වූ ඉරණම මෙලොව දිවි ගෙවන්නවුන්ගෙන්ම උදාහරණයක් ගෙන විමසා බලමු.

යමෙක් හොරකම් කරන්නට පෙළඹෙන්නේ ඔහු සතු වූ දිළිදුකම නිසා බව අප දනිමු. එහෙත් එය වැරදි කාර්යක්බව අප සියල්ලොම දනිමු. එය දැන දැනත යමෙක් සිදු කරයි නම් ඉන් අවසානයේ අත්විදින්නට සිදුවන්නේ සිපිරි ගෙය තුළ දිවි ගෙවීම බව අප දිනිමු.

එසේම පන්සල පරිහරණය කරන්නේ සද්ධාදී ශීලයන්ගෙන් පරිපූර්ණ උදවියගේ ආගමික වතාවත් ඉටු කර ගන්නට මිසක් වෙනත් යම් යම් මිෂනාරී ක්‍රියාකාරකම්
කරන්නට නම් නොවන බව අප දනිමු. එසේ වුවත් එය අප දැන හැදනි පන්සල තුළ හො එම භූමිය තුළ සිදුකළයුතු කාර්යන් හැර වෙන්ත් දේ සිදු කරයි නම් එය සිදු කරන පුද්ගලයාට අන්‍යයන්ගේ දෝෂාරෝපනයන්ටද ලක්වන්නට සිදුවනු ඇත.

එසේම කැඩපතකින් සිදුකළ යුතු කාර්ය යමෙක් දැලිපිහියෙන් සිදුකරි නම් එහිදීද මහත් ගැටලූවකට මුහුණපාන්නට සිදුවනු ඇත.

ඒ සියල්ලම එසේ වෙද්දී ස්වකීය භාර්යාවගෙන්  සිදු
කර ගත යුතු කාර්යන් යමෙක් කිසිදු හැදුනුම්කමක් නැති අසල්වැසියෙකුගෙන් සිදු කර ගන්නට වෙහෙසෙන්නේ නම් එහිදී මහත් අපහසුතාවයකටද පත්වන්නට සිදු වන බව අප නිවැරදිව කල්පනා කළ හැකි මිනිසුන් විදියට වටහා ගත හැකිය. එහෙත් මේ සියල්ලම යමෙකුට වටහා ගන්නට නොහැකි නම් ඒ හැම කෙනෙක්ම ඉහතින් සදහන් කළ වැරදි ක්‍රියාවන් ඔවුන් ප්‍රථමයෙන් සිදු කරයි. ඒ සිදු කරන්නේ මෙය කිසිවෙකුත් නොදකී කියන මානසිකත්වයේ නියැගෙමිනි. එහෙත් එය නිවැරදි දෘෂ්ටියක් නම් නොවේ.

ලෝකයේ ව්‍යාප්තවී ඇති ආගම් අතර කිසිදු මිසදිටු අදහසක් නැති ආගමක් අයුරින් බැබලෙන්නේ කුමන ආගමදැයි ඔබ දනී. එහෙත් ඒ ආගමික පසුබිමට අනුකූලව හැසිරෙන්නට ඔබ උත්සහ දරන්නේ කෙතරම් මන්දොත්සාහී අයුරින්ද යන වග ඔබගේ චින්තනයට වටහා ගත නොහැක. එබැවින් එය මැනවින් වටහා දෙන්නට මා වෙර දරමි.

1.    ඇස
2.   කණ
3.   නාසය
4.    දිව
5.   ශරීරය
6.    සිත

මේ ෂඩ්ඉන්ද්‍රියන් පීනනය කරන්නට අප කෙතරම් උත්සහයක් හා උනන්දුවක් දක්වනවාද? එසේම ඒ උත්සාහය කෙතරම්දුරට සාර්ථක හා අසාර්ථක වන අවස්ථා ඇත්ද? ඒ උත්සාහයන් සාර්ථක වන්නේ යම් මොහොතකද එවිට ඔබගේ මානසිකත්වය මහත් අසීමිත තෘප්තියකින් පරිපූර්ණ වෙයි. එහෙත් එය අසාර්ථක වූ පසු....................................? කෙබදුද යන වග අප සියල්ලොම දනිමු. ඒ අවස්ථාවන් තුළදි ඔබ අහාර අනුභවය මෙන්ම අනිකුත් යම් යම් කි්‍රයාකාරකම්ද නොසිතාම මගහැරෙයි. එයට හෙතුව කුමක්ද? ස්වල්ප වූ ඉන්ද්‍රීය පීනනයක් හේතුවෛන් බොහෝ මානසික සැනසීමක් මග හැරීමයි. ඔබ ප්‍රථමයෙන් ඔබ සතු මානසිකත්වය කවුරුන් මොනම දේ ප්‍රකාශ කළත් කිසිදු අයුරකින් නොනැමෙන සේ නිර්මාණය කර ගන්න. එවිට ඔබට සතුට මෙන්ම දුක දැනෙන හැම මොහොතකම නොසැලී හැඩ ගැසීමේ හැකියාවක් ඉබේටම ඔබගේ සිත තුළින් නිමැවෙනු ඇත. එය වනසන්නට කිසිවෙකුට නොහැකිවනු ඇත . ඔබ මේ ලෝකය තූළ උපත ලබන ලද්දේ මුලූ විශ්වයටම යහපත් පුරවැසියෙකු අයුරින් කටයුතු සිදුකරන්නට මිසක් වැරදි දෑ සිදුකරන්නට නම් නොවේ. එසේ වැරදි සිදු කරන්නට උපත ලැබුවා නම් වැරදි කරන්නවුන් නිදහස් කොට නිවැරදි අය සිර ගත කරන්නට ඉඩ තිබුණි.

Komentar

  1. Your post is an encouragement to the society who takes meditation as a joke or the one wait until gets older to practice this. It would be a great merit for you if someone is encouraged today by looking at your post and many would do so will be successful and help to revolutionized bring back the society who meditates likewise at the time of the Buddha. By exploring many Suthras (Teachings of the Buddha), we see that many people have meditated at the time of the Buddha but today we have become distant from it ourselves.

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::