මුදලට යට වූ සමාජයක් තුළ

මුදලට යට වූ සමාජයක් තුළ අප සියලූම දෙනා නෙතින්, සිතින් හා ගතින් විදින දුක්ඛිත මානසිකත්වයට සැනසීමක් උදාකරලන්නට අනුගමනය කරන ප්‍රතිපදාව කුමක්ද? වැරදි කි්‍රයාමාර්ගයන් තුළ නියැලෙමින් ධනයම උපයන්නට වෙහෙසෙනවා නේද? ඒ වෙහෙසීම තුළ ඔබ කායික හෝ මානසික සැනසීමක් සදාකාලිකව වින්දනය කරනවාද?
නැහැ අප සියලූම සත්වයින්ට මේ විශ්වය තුළ ජීවත් වන දින 27000 ක් වැනි සුලූ කාල පරාශයක් තුළ කිසිදු සැනසීමක් ලද නොහැක. නමුත් අප සියලූම දෙනා කරන කියන කියාදාමයන්ට අනුකූලව ඒ තුළින් ජනිත වන ප්‍රතිඵලය වින්දනය කළ හැකිය. ගෝලාකාර වූ ලෝකයක් තුළ විෂමාකාර මිනිසුන් සමූහයක් ජීවත් වන බව අප නිතර නිතර සිහිකට යුතුයි. එසේම ඒ විෂමාකාර හැසිරීම් රටාවකට නතුව දුක මෙන්ම සතුට වින්දනය කරන සත්වයින්ට මනා සැනසීමක් ලද හැකි අයුරු බුදුන් වහන්සේ විසින් මැනවින් දේශිතය. එහෙත් ඒ දේශනාව ශ්‍රවණය කරමින් වැරදි මගට යමෙක් පිලිපන්නේ නම් එම පුද්ගලයාගේ දිවියේ කිසිදු සැනසීමක් ලද නොහැකිය. ඒ කෙසේද යත්? නාගයාගේ වලිගයෙන් හෝ කදෙන් අල්ලා ගත් කල්හ ීඑම නාගයාට අපව සපා කෑමට ඇති ඉඩ ප්‍රස්තාව මාහා විශාල බව අප දනිමු. එහෙත් අප නාගයාගේ හිසින්ම අල්ලා ගන්නේ නම් එවිට නාගයාට අපව සපා කෑඹට නොහැක.

එසේමය මේ විශ්වය තුළ අපව නිර්මාණය කළ ස්වභාව දහම විසින්ම අප වැරදි අයුරින් නියැලෙන්නේ නම් අපට කිසිදු සැනසීමක් උරුම නොකරයි. එහෙත් අපගේ දිවිය තුළ මහා වැනසීමක් ඇති කරයි. ඒ වැනසීම නිසා මහත් දුක්ඛිත පීඩාකාරී මානසිකත්වයක්ද ගොඩ නගයි. මේ සියල්ලම සිදු කරන්නේ කුමක් නිසාද? අපට අනුගමනය කරන්නට නියමිත වූ ප්‍රතිපාදාවන්ට අවනත නොවී අනියම් ප්‍රතිපදාවන් අනුගමනය කළ නිසාම නොවේද?

ඔබ මහා උගතෙක් මෙන්ම වියතෙක් හෝ කතිකයෙක් වන්නට පුලූවනි. එහෙත් ඔබ යමක් කරන්නට ප්‍රථම තමන් විසින් සිදු කරන්නට නියමිත කි්‍රයාවලියේ ප්‍රතිඵලය යහපත්ද?අයහපත්ද? යන්න පිළිබදව එම කි්‍රයාව සිදු කරන්නට ප්‍රථම විමසිය යුතුය. මේ විශ්වය තුළ උපත ලද බොහෝ දාර්ශණිකයින් යම් යම් සත්වයින්ගේ ගැටලූ හමුවේ බොහෝ උපදේශයන් සපයා ඇත. එසේම ඒ උපදේශයන් හමුවේ බොහෝ පුද්ගලයන් රාශියක් සැනසිමද සුලූ මොහොතක් හෝ සදාකාලිකව වින්දනය කර ඇත. එහෙත් ඒ සැනසීම ලබන ලද්දේ තවෙකෙකුගේ මානසික පෙළබවීම මත නම් නොවේ. ස්වකීය මානසීක පෙළඹවීම නිසාවෙන්ම බව අප නිතර නිතර සිහිකට යුතුය. එසේ නොවන්නේ නම් අප කිසිවෙකුට මේ විශ්ව ධාතුව තුළ ඉපදෙමින් මැරෙමින් සසර සැරි සරන්නටම පමණක් සිදු වේ.
යථාර්ථය පසක් කරලන්නට අවැසි කාලය තුළදී බොරුබස් උපදමින් යමෙක් යම් ආගමකට හො දහමකට නොයෙකුත් චෝදනා නගන්නේ නම් එම පුද්ගලයාට මේ විශ්ව ධාතුව තුළින්ම නිමවන ස්වභාවික උපද්‍රවයන්ගෙන් මහත් පීඩාවන් විදින්නට සිදු වේ. එයට අමුතුවෙන් හේතු සාදක ඉදිරිපත් කළයුතු යැයි මා නොසිතමි. ඒ මන්ද අප සියල්ලෝම ස්වභාව දහමේ එක් කොටසක් වන නිසාවෙනි.

යමෙක් මුදල් හා ලාභ සත්කාර හමුවේ ගිජුවෙමින් හා පංචකාම සැප සම්පත්හී ලෝලියෙකු වෙමින් කටයුතු කරන්නේ නම් ඔහුගේ මානසිකත්වය නිමැවෙන්නේ උම්මත්තකයෙකගේ ස්වරූපයෙන්මය. ඔහුට කිසිදු මොහොතක කිසිදු සැනසීමක් ලද නොහැකිය. එසේනම් ඔබ ඔබගේ මනසින්ම විමසන්න ඔබ විසින් සිදුකරන කි්‍රයාවන් සියල්ල නිවැරදිද? එසේම ඒ කියාවන් මුදලකට හෝ ලාභ සත්කාරයකට නතුවෙමින් සිදුකරන ලද්දක්ද යන වග. ඒ එයුරින් ඔබ යම් කාර්යක නියැලෙන බවක් හැගෙන්නේ නම් ඔබ ඒ කාර්යෙන් මිදී නිවැරදි කාර්යක් සිදු කරන්න. එසේ නොවුනහොත් ඔබේ දිවියේ වැනසීමක් මිස සැනසීක් ලද නොහැකිමය.

ඔබ මෙන් මමත්
මේ විශ්වය තුළ
දිවි ගෙවන්නේ තව දින කිහිපයකි
එය විමසන්නට දින 365 ඔබ සාමාන්‍ය වශයෙන් දිවිගෙවයි
යැයි අනුමාන කරන අවුරුදු ගාණනෙන් වැඩි කර බලන්න.

Komentar

  1. අපූරු ලිපියක් හාමුදුරුවනේ.පින්තුරයත් මනසට අමුතුම අදහසක් ගේනවා.

    BalasHapus
  2. සැනසුම දැක දැකත් වැනසුම වෙතට යන
    මිනිසුන් මගේ නෙතු අබියස හඩන දින
    මේවැනි ලිපි පෙළක් ලියමින් දිරිය දෙන
    මනසක් මෙමට නිමැවිනි නැණසකින් පැන

    BalasHapus

Posting Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::