:: බුදු දහමයි පුංචි ඔබයි ::

රත්තරං දුවේ පුතේ පුංචි දුවල පුතාල මල් වලට ගොඩක් ආසයි නේද? ඒ ඇයි? ඒවා පියකරුයි ලස්සනයි නේද? ඒ හින්ද නේද? ඒත් දුවේ පුතේ අපි හිතමු මල් ගහක තියෙන පුංචි පොහොට්ටු පිපපෙන්නට පෙර කවුරුහරි කඩා දැම්ම කියල? එතකොට යලිත් අර ඔයාල ගොඩක් ආසා කරන මලක් පිපෙන්නට අවස්ථාව නැහැ නේද? මේ පංචි උදාහරණය මම කීවේ මේ රත්තරං දුවල පුතාලට යමක් අවබෝධ කරන්නට.
අන්න ඒ පුංචි මල් පොහොට්ටු වගේ තමයි ඔයාලගේ පුංචි හිත. ඉතින් ඒ හින්ද පුංචි ඔයාලව විනාශ කරල දාන්න මේ දරුණු සමාජයේ හැම පැත්තෙන්ම රුදුරු මහුණු වෙස් වලාගෙන ඉන්නව. ඒ හින්ද මගේ දුවේ පුතේ.. මේ රුදුරු මෘගයන්ගෙන් බේරිල ඉන්නට වෙර දැරිය යුතුයි. මේ සමාජයේ හරි කයල හිතාන ඉන්න ගොඩක් දේවල් වැරදි. සමහර විට අප අවට ඉන්න අයගේ විවධ බලපෑම් නිසා එහෙමත් නැතිනම් අපිත් වැරදිවග පැටලී ඉන්න නිසා අපිට හරිදේ තේරුම් ගන්න අපහසු වෙලා තියෙනව. ඒත් ඒ පුංචි මනසින් දුවල පුතාලට පුලූවන් නම් අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් දහම් මග අවබොධ කරගන්න එවිට කවදාවත් ඔය ජීවිත වලට වරදින එකක් නැහැ. එහෙම නේද දුවේ පුතේ. මේ වැඩිහිටි සමාජය ඔයාලට ගොඩක් දුරට දීල තියෙන්නේ වැරදි ආකල්ප. හැමදෙයක්ම වාණිජ කරණය වෙච්ච මේ සමාජය ගුණ දහම් ප්‍රතිපත්ති උතුම් වත්පිළිවෙත් මේ කිසිවක් නිසියාකාරව සිදු නොවේ. දැන් බලන්න දුවේ පුතේ හැම වර්ෂයකම මැයි මාසයේ උදා වෙන්නේ වෙසක් පොයයි. ඊට තව මසකට පසුව පොසොන් පොයත් උදා වෙනව. බෞද්ධ ජනතාව මහ ඉහලින් සැමරිය යුතු උතුම් දිනයන් දෙකක් තමයි ඒ. ඒත් දුවෙ පුතේ අද සිදු වෙන්නේ මොනවද? මේ උතුම් දිනයන් මුදලට විකුණල දාල නේද? අපේ ආගමික ශාස්තූන් වහන්සේගේ අසිරිමත් තෙමගුල සිද්ධ වන දිනය අද සංදර්ශණ ස්වභාවයක් අරගෙන. බලන්න හොල්මන් භූත ගුහා ඔලූබක්කො නැටුම් හා තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්නට දෙන දන්සැල් මෙන්ම බීමතින් තොරන් අසල රැැගුම් මේ සියල්ලම අද සමාජයේ සිද්ධ වෙන දේවල්. මගෙ දුවෙ පුතේ බුදුන් වහන්සේ දෙශණා කළේ තමන් අනුගමනය කරනව කියන්නේ නියම ආකාරයෙන් ප්‍රතිපත්ති පූජාවන්වල යෙදීමයි. ඒත් අහන්නත් දකින්නත් කණගාටුයි නේද දුවේ පුතේ මේ සිද්ධ වෙලා තියෙන දේවල්? පුංචි ඔයාල හරි මේ තත්වය අවබෝධ කරගන්න ඕන. එහෙම නැති වුනොත් යළි යළිත් මේ උතුම් දිනයන් කානිවල් සංදර්ශණ බවට පත් වී අපගේ ආගම දහම වැළලී ගොස් මිසදිටු ආගම් ක්ෂණයකින හිස එසවීම වැඩි දුරක නොවේ. දුවේ පුතේ මේ උතුම් දිනයන් අප සිහිපත් කළයුත්තේ ධර්මානුකූල ප්‍රතිපදාවන් තුළහිදිමින්ය. අඩුම තරමින් පුංචි ඔයාලවත් ඒ අයුරින් හැදුනොත් වර්තමානය කෙසේ වෙතත් අනාගතයවත් සුන්දර කරගන්නට අපට හැකි වේවි.
 
ඇත්තටම දුවේ පුතේ බටහිර දාර්ශනිකයෙකු වූ කාල්මාර්ක්ස් එක්තරා පොතක මෙසේ ලියා තිබුණා. මිනිසා නිවැරදි මාවතකට ප්‍රවිෂට නොකරන ඔහුව සමාජ බුද්ධිමය දැනුමෙන් සන්නද්ධ නොකරන ඕනෑම ආගමක් මිනිසාට අබින් වගේ වෙනව කියල?
    ඒත් දුවේ පුතේ මෙය සිදුවන්නේ ආගමික ශාස්තෘන් වහන්සේගේ වරදින් නම් නෙවේ. එය මේ සමාජයට ආගමික සංකල්ප ප්‍රචලිත කරන්නවුන්ගේ ගැටළුවකි.
   
ඉතින් දුවේ පුතේකොපමණ දේ මම ලීවත් කීවත් අපේ ජීවිත හදාගන්න ඕන අපි තනියමය. එසේ නම් එයට  නිසි මග පෙන්වීඹක් හා උපදේශකත්වයක් අවශ්‍යයයි. එවන් නිවැරදි මාවතක් දකින්න කියාදෙන්න පුළුවන් අයට නිතරම දුවේ පුතේ ඔයාල ලන්වෙන්නට උත්සහ කරන්න. එවිට කවමදාවත් ඔයාලගේ ජීවිත වලට වරදින එකක් නැහැ. එහෙම නැතිව මේ සමාජය යන පැත්තට යන්න නම් වෙර දරන්නෙපා. බුදු දහම සමග සසදන්නට බැරි පෑහෙන්නෙ බැති භූත ගුහා හොල්මන් මන්දිර ඔලූ බක්කො බාල් නැටුම් පී්‍රත් සංදර්ශණ මේ උතුම් දිනයට එපා කියන පදනමට එන්න ඔය පුංචි හිත්වලට ශක්තිය ලබා ගන්න ඕන. එතකොට දුවේ පුතේ බුදුන් දෙසූ උතුම් නිර්මල පිවිතුරු මාර්ගය ඉබේටම මේ ලක් දරණී තලය තුළ විවර වේවී. ඒ මග නිරන්තරයෙන් අපි හැමෝටම සැනසුම් මගක්ම වේවි. මගේ පුංචි දුවේ පුතේ ඝණ අන්ධකාරය තුළින් ආලෝක සේයා උපදවන්නට ඔය පුංචි හිත්වලට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::