නොදැනීමට දැනීමක් මුසු කරන්නට

නොදැනීමට දැනීමක් මුසු කරන්නට ලබන ලද මේ මිනිස් දිවියට තව තවත් නොදෑනීමම පමණක් මුසු කරන්නට පෙළඛෙන සමාජයක් තුළ මානසික සැනසීමක් හා සැහැල්ලූවක් කෙදිනක විදින්නද? කිසිදිනක නොවේමය. නමුත් අප මිනිස්ලොව උපත ලද්දේ මේ විශ්වය තුළ සැරිසරා ආහාරපාන ඇදුම් ආයිත්තම් යානවාහන ඛෙහෙත් ආදී දෑ පරිභෝජනයකර මිය යන්නට නම් නොවේ. එහෙත් එය එසේ විය යුතු යැයි සිතමින් තවෙකෙකු පරයමින් පෙරට පිය මැන පංචකාම සැපසම්පත් ලූහුබදින්නට සමාජගත සියලූම සත්වයින් හුරු පුරුදු වී සිටී. එහි අවසාන ප්‍රතිඵලයන්ද අප මේ සමාජය තුළින්ම විදින්නෙමු. අප සියලූම සත්වයින්ට ඇස් දෙකක් ඇත . ඒ මන්ද යත්? තමන් ගමන් ගන්නා වට පිටාව හොදින් විමසමින් දැන හදුන ගනිමින් මැනවින් පෙරට ගමන් කරන්නට මිසක් ඇස් දෙකෙන් මාර්ගයන් දෙකක් නිරීක‍ෂණය කරමින් ගමන් කරන්නට නම් නොවේ. අද අප යන්නේ එවැනි ගමනක්දෝ යන්න මදක් අප ගමන් ගන්නා ආකාරය දෙස බලන විට හැගෙමින් තිබේ.
    හැම සත්වයෙක්ම ජීවත්වන කාලපරාශය තුළදී ඔහුගේ වේවා අන්‍ය සාමාජික සත්වයන්ගේ වේවා යහපත පිණිස අනුගමනය කළයුතු යැයි සම්මත සමාජය විසින් පිළිගත් යම් නීති පද්ධතියක් ඇත . එම නීති පද්ධතියට පිටින් යමෙක් ගමන් කරන්නේ නම් එම පුද්ගලයාට සමාජයේ දිවි ගෙවන්නාවූ අන්‍යයන් විසින් පරිභව කිරීමක් හෝ නින්දා අපවාද කිරීමක් සිදුකරයි. ඒ ඔහු විසින් වැරදි ප්‍රතිපදාවක් අනුගමනය කළ නිසාවෙනි. එසේම මාර්ගයක වාහනයක් ගමන් කළයුතු යම් නීති පද්ධතියක් ඇත . එම නීති පද්ධතියට අනුව ගමන් නොකරන්නා වූ සමහර පුද්ගලයන් සමහර අවස්ථාවන් තුළදී නවතින්නේ මරු තුරුලේය. ඒ ඔහුට සම්මතවූ නීති පද්ධතිය අනුගමනිය කරන්නට නොහැකිවූ බැවිනි. එහෙත් යමෙක් ඒ සෑම නීතියක්ම අකුරට පිලිපදිමින් දිවි ලෙවන්නේ නම් ඔහු මහත් සැනසීමකින් ස්වකීය දිවිය ගතකරයි.
    එසේමය අප සියල්ලෝම ලබන ලද මේ මනුෂ්‍යය ජීවිතය නිතරම විමසිල්ලෙන් ගත කළ යුතුයි. එසේ නොවන්නේ නම් අපගේ මනස මහත් විකෘතිකාරී වූ පාරිසරික වටපිටාවක් මවයි. එවිට අපගේ සිතට නිතරම කිසිදු කාර්යක් කිරීමෙන් සැනසිල්ලකට පත්විය නොහැක. අප හැම පුද්ගලයෙක්ම දිවි ගෙවන්නේ බොහොම සීමිත කාල පරාශයකි. ඒ සීමිත කාලපරාශය ගතකරන්නට අවශ්‍යය වන්නේ මානසික හා කායික සැනසීමෙන් යුතු කි්‍රයාදාමයන් සමූහයක් මිසක් සිතත් කයත් දෙකම වෙවෙසට පත්කරන කි්‍රයාදාමයක් නම් නොවේ. මිනිස් මනසට දරාගන්නට හැකි මෙන්ම නොහැකි චිත්තවේගීන් ඇත . එවැනි චිත්තවේගී හැගීම් ගලා එන්නේ සත්වයා අනිසි අයුරින් පංචකාම සැපසම්පත් පසුපස හඹායන්නට පෙළඹි පසු බව බුදුන් වහන්සේ විසින්ද දේශිතය. අපටද එය මැනවින් අධ්‍යයනයක් කර උවත් දත හැකිය. එප සියලූම දෙනා මියයන්නවුන් ලෙස මියයන අන්දම මැනවින් ඉලෙන ගන්නට වෙර දරමු. එවිට මෙලොව ජීවත් විය යුතු අයුරු පසක්වනු ඇත .

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::