::: ඔබ ඔබට පහනක් වන්න :::

දුරක  හිද ළිදක් දෙස හා එය ආවරණය කළ බැම්මක මතුපිට අලංකාරය දෙස බලා ඒ ළිදේ ජබුර හෝ එහි ඇති ජලයේ ස්වභාවය ගැන තීරණය කිරීමට ලෝකයේ කිසිවෙකුටත් නොහැක. එය යමෙකුට තීරණය කරන්නට හැකි නම් ඒ තීරණය සත්‍යය නොවූ අසත්‍යය තීරණයක් විය හැක. එයට හේතුව කුමක්ද? කිසිදු මොහොතක හෝ කිසිදු දිනක පොදුවූ ළිදක බැම්මක් පමණක් දුරක හිදිමින් දැක එය අලංකාර වූ පමණින් එහි ඇතුලත ජලය තිඛෙන්නට මෙන්ම නොතිඛෙන්නටද ඉඩකඩ ඇත.
එසේම ඒ ජලය මිහිරි වන්නටත් අමිහිරි වන්නටත් ඒ තුළ රොඩුබොරළු මෙන්ම අපවිත්‍ර දෑද තිඛෙන්නට ඉඩ ඇත. මේ නිසාම යමක් දුටුපමණින් එය මනා දැකුම්කළු ස්වභාවයෙන් පිරිපුන් ස්ථානයක් හෝ මනා දැකුම්කළු පුද්ගලයෙකු යැයි තීරණය නොකළ යුතුය. එසේ තීරණය කරන්නේ නම් ඔහු අසාර්තක පුද්ගලයෙකි.

ලෝකයේ දිවිගෙවන හැම සත්වයෙකුම නෙයෙකුත් ප්‍රශ්ණ මෙන්ම තාඩන පීඩන තුළ ජීවත් වන්නෝය. ඒ  තාඩන පීඩන ඔවුන් විසින්ම හෝ ඔහු තුළ ඇති කවර හෝ දුර්වලතාවයක් නිසා සිදු වුනත් එය ඔහු විනාශ කරවන්නට හේතුවකි. ස්වාභාව දහම අදහනුයේ ගැටළු මැද පෙරට පිය මනින පුද්ගලයන්ම පමණි. යම් ගැටළුවක් හමුවේ යමෙක් අධෛර්යමත් වන්නේ නම් ඔහුට ස්වභාවදහම කිසිදු උපකාරයක් සිදු නොකරයි. ඒ උපකාර නොකරන්නේ ඔහු වැනි අධෛර්යමත් පුද්ගලයන්ගෙන් මුළුමහත් ලෝකයටම කිසිදු උපකාරයක් නොවන නිසාවෙනි. එබැවින් ලෝකයේ දිවි ගෙවන හැම පුද්ගලයෙකුම නොසැලෙන අධිෂ්ටානයෙන් කටයුතු කර පෙරට යන්නට වෙර දැරිය යුතුය. ඒ වෙර දරීම තුළීන් අනිත් උදවියගේද මානසිකත්වයන් ධෛර්යමත් කරන්නට ඉඩ ප්‍රස්ථාව නිසැකවම සැලසෙනු ඇත.
   
මිනිසුන්ගේ ජීවත තුළට එන ගැටළු විවිධාකාර අන්දමේ ස්වරූපයන්ගෙන් නිර්මාණයවී ඇත. ඒ ගැටළු සමහරෙකුගේ මානසිකත්වය මුළුමනින්ම විකෘති තත්වයකට පෙරලයි. සමහර ගැටළු ශාරීරික අපහසුතා මෙන්ම විකෘති තත්වයකටද හසු කරයි. එවැනි තත්වයන් තුළට ලක්වනුයේ ඔහු හොදින් ඒ තුළ නියැලෙන මානසිකත්වයට එරෙහිව ඔවුන් කටයුතු කරන ආකාරයටමය. යමෙක් තමන් වෙත එළඛෙන ගැටළු වලට සාර්ථකව මුහුන දෙන්නට ධෛර්යෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඔහු දිණුමක් ලබයි. එසේම ඔහුට ස්වභාව දහම පවා ආශිර්වාද කරයි.

පුද්ගලයෙකුගේ කායික හා මානසික වර්ධනය සදහා ආදරය හා ඔහු ජීවත්වන පරිසරයද හේතුවක් වනු ඇත. සමහර දෙමාපියන් හොදින් දැන උගත් බුද්ධිමතුන් ලෙස සිටියත් ඒ දෙමාපියන් තුළින් ජනිත වන දරුවන්ගේ මානසිකත්වය ලාමක මානසිකත්වයක් බවට පත්වනුයේ ඔහු ජීවත්වන පාරිසරික රටාවේ අබලදුබලකම් නිසාවෙනි. ඒ නිසාම දෙමාපියන් විසින් දරුවා මෙලොවට ජනිත කිරීමෙන් පසුව ඔහුගේ මනසට මෙන්ම සිරුරට ගැලපෙන අයුරින් පාරිසරික වටපිටාව නිර්මාණය කරදිය යුතුයි. එසේ නොවන්නේ නම් ඒ දරුවාගේ මානසිකත්වය පිරිහෙන්නට ඉබේ හෝ ඉඩකඩ සැකසෙනු ඇත. යම් මොපිය දෙපලක් කොතරම් බුද්ධිමත් වුවත් ඒ දරුවන්ට ජීවත්වීම සදහා උදවු උපකාර වන පාරිසරික වටපිටාව නූගත් පරිසරයක් නම් එතනදී ඒ දරුවාගේ මුළු ජීවිතයම අදුරු වූ නුගත්කමින් හා සාංකාවෙන් පසුවන දිවියක් ලෙසටම පත්වනු ඇත.

හැම ගැටළුවකටම මැනවින් මුහුන දෙන්නට නම් ප්‍රථමයෙන් තමන් සිතිය යුත්තේ තම ජීවිතය තුළ තමන්ගේ ගැටළුවලට මුහුන දෙන්නට සිටින එකම පුද්ගලයා තමන්ම පමණයි යන සිතුවිල්ල පමණකි. ඒ තුළින් ඔබට දීර්ඝ ගමනක් යන්නට බොහෝ හැකියාවක් ඇත. ඒ හැකියාව මනා සාර්ථකත්වයකට හරවා ගත හැක්කේ ස්වකීය චින්තන රටාවට අනුකූලවමය. හැම පුද්ගලයෙකුටම සාර්ථක ජීවිතයක් ලබාගත නොහැකිද? හැම සැප සම්පතක්ම වින්දනය කළ නොහැකිද? නොහැකි නැහැ හැකි. නමුත් සියල්ලෝම සිතාගෙන සිටින්නේ සැප සම්පත් තිඛෙන්නේ මුදල් ඇති අයට විදීමටම පමණයි යන සිතුවිල්ලයි. ඒ සිතුවිල්ල කොතරම් අසාධාරණද? කිවතහොත් දිළිදු හිගමන් යදින පුද්ගලයන්ද තුන්වේල ආහාර ගනිමින් මැනවින් ඇද පැලද දිළිදු වුවත් සාර්ථක දිවියක් ගත කරන්නට වෙර දරයි. සමහර අන්ධයන් ස්වකීය චින්තනය නිවැරදි අතකට යොමු කරමින් මනා අධ්‍යාපණයක් ලබා ගන්නට වෙහෙස මහන්සියක් දරයි. ඒ වෙහෙස මහන්සිය තුළින් ඔවුන්ද එදිනෙදා දිවිය තුළ කළයුතු මූලික අවශ්‍යතා සුළුවෙන් හෝ වින්දනය කරයි. එහෙම නම් ඇස් පෙනෙනකන් ඇසෙන කිසිදු ශාරීරික අපහසුතාවයකින් තොරවූ හා මනා ආත්ම ශක්තියක් ඇති පුද්ගලයන් අද මන්දමානසිකත්වයකට පිය නගා ඇත. ඒ මන්ද මානසිකත්වය තුළින් ඔවුන් ජීවතය විනාශ කරගැනීමේ තත්වයන්ට මුහුණ දෙන්නට කටයුතු කරයි’ එහෙත් ඒ කටයුතු කිරීම කෙතරම් දුර්වල මන්ද මානසිකත්වයක්ද යන වග අප විමසා බැලිය යුතුය.

සිංහයෙකු කෙතරම් කුසගින්නේ සිටියත් තණපත් අනුඵව කරන්නට නොපෙළඹෙන්නේ ඌ සතු වූ තේජාන්විත හා වික්‍රමාන්විත භාවය නිසාම නොවේද? ඒ නිසාමයි නේද? මිනිසුන් වන අපද එවැනි මානසිකත්වයක් ගොඩ නගා ගත යුතුයි. ඒ අපගේ අනාගත අභිවෘද්ධිය සදහා මෙන්ම පීඩිත මානසිකත්වයකට පත්වන්නාවූ පුද්ගලයන්ටද උපකාරයක් වන අයුරිනි. එසේ නොවන්නේ නම් සියළුම දෙනාට සැනසීමකින් තොර දිවියක් ගෙවන්නට සිදුවනු ඇත. ජයග්‍රහණයෙන් තොරවූ දුක්ඛිත මානසිකත්වයකින් පමණක් පිරිපුන් එහෙති අප හැම මෙහොතකම වෙර දැරිය යුත්තේ දුක්ඛිත මානසිකත්වයකින් කටයුතු කරන්නටද? අප සියළු දෙනා හුරුපුරුදු විය යුත්තේ සැප සම්පත්වලින් පිරිපුන් දිවියක් ගෙවන්නටම නොවේද? එසේම නේද? 

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::