෴෴ නොපසුබටව නැගෙන්නටනම් ෴෴



** යන්නට අවැසි නම් දුරක් උනන්දුව ඇතිනම් ඒ ගමන කෙළවර දක්වා ගොස් නැවත සිටි තැනට පැමිණිය හැකිය.

** රළ වැදී මහා ගල්කුලූවල ඒ ගල්කුල් කොරල් පර හා ගල්පර අයුරින් නිමවමින් අන් අයගේ නෙත්සිත් පිනවයි. අපගේ දිවිය වෙතටද නොයෙක් බාධක හැලහැප්පීම් පැමිණ අපව මන්දගාමී කරන්නට වෙර දරයි.එහෙත් අප එයින් දිරිය ගත යුතුයි.

** යමෙකුගෙන් යමක් ගන්නේ නම් එය නැවත දිය යුතුයි.එහෙත් එය නොගෙන ස්වකීය උත්සාහයෙන් යම්තාක් දුරට හෝ පාලනයකින් යුතුව අන්‍යයන්ගේ නොයිල්ලමින් කටයුතු කරන්නට පෙළඹෙන්නේ නම් එය තමන්ගේ මනසට සැහැල්ලූවකි. විඩාබර නොවේ.

** කෙනෙකුගේ චර්යාව යහපත තුළින් ඔහු සමාජයේ පිළිගත් අයුරින් ප්‍රශංසාවට ලක් කරයි. එහෙත් යමෙකුගේ චර්යාවේ අයහපත දකින්නේ නම් ඔහුට සෑම මොහොතකම නින්දා කරයි.

** දෙනෙත පෙනෙද්දී පියාගෙන හිදිමින් මහමග ගමන් කරයි නම් ඔහටු යායුතු මග නිවැරදිව සොයාගත නොහැක. එහෙත් දෙනෙත් හැර සිහි බුද්ධියෙන් යන්නේ නම් ඔහු නිවැරදි මග යනු ඇත.

** හිරුසදු තාරකා රශ්මියෙන් මල් කැකුළු වකසිත වන්නේ යම්සේද? ඒ අයුරින්ම දරුවන්ටද දෙමාපිය සෙනෙහස මැද කල් ගෙවීමෙන් මනා සාර්ථක දිවියක් ගත කළ හැක.

** මලක් විකසිත වන්නට ඉඩ හරිනු මිස එය විකසිත වන්නට ප්‍රථම විකසිත කරන්නට යාම තුළින් එය විනාශ වන්නටද ඉඩ ඇත.

** ඔබට ලොවතුළ සිදු නොකළ හැකියැයි සම්මත කාර්යක් නැත’ සියල්ලම උත්සාහය තුළින් සිදුකළ හැකිය.

** ඔබ මහා ධනවතෙකු බලවතෙකු දබලයෙකු මෙන්ම ෂත්පුරුෂයෙකු හා නැණවතෙකු වීම ඔබ සතු කාර්යක් මිස එය දෙමාපියන් විසින් සිදුකළ යුත්තක් නොවේ.

** ඔබ යමක් සිතයිනම් එය ඒ අයුරින්ම ඉටුකරගත යුත්තේද ඔබ විසින්මය. එය අන්‍යයන්ට පවරන්නේ නම් සුළු හෝ අඩුලූහුඩු කමක් සිදුවිය හැකිය.

** යකඩය මැනවින් රත්කර තලන්නේ නම් නිවැරදි අයුරින් මුවහත්වේ. එහෙත් රත් නොකර තලන්නේ නම් එය මැනවින් මුවහත් නොවේ.

** ඔබ පියමනින මග බාධකයන්ගෙන් තොර නිවැරදි මාවතක් ලෙස ඔබම නිමවා ගන්න. එය අන්‍යයන් විසින් නිමවා දෙන තෙක් බලා නොසිටින්න. එය එසේ කිසිදු මොහොතක සිදු නොවනු ඇත.

** වෙහෙසක් යැයි සම්මත සෑම කාර්යක්ම මැනවින් සිදුකරන්නට ඔබ මනා උනනදුවෙන් යුතුව කටයුතු කරන්න. එවිට මහා තෘප්තියක් ඒ තුළින් ලද හැකිය.

** උත්සාහය හා අවශ්‍යතාවය මත සියල්ල සිදුකරන්නට වෙහෙසෙන්නේ නම් එය කිසවෙකුට කිසිදු මොහොතක නවතාලිය නොහැක.

** තමන් කුසගින්නෙන් තව තවත් පීඩිත තත්වයකට පත්කරන්නේ හා ඒ පීඩිත තත්වයෙන් මුදවන්නේද ඔබමය.

** තමන් සතුටින් සිටින හැම මොහොතකම තමන් සමීපයේ බොහෝ යහළු නෑහිත මිතුරන් එකතු වනු ඇත. එහෙත් තමන් දුක්ඛිත ස්වභාවයෙන් හඩා වැලපෙන විට ඒ කිසිවෙකු තමන් සමීපයේ නොසිටී.

** තමන් විසින් සමාජය වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් කළයුතු යමක්ද? එය තවෙකෙකු විසින් සිදු කරන්නේ නම් එහි නිවැරදි ඵලයක් බලාපොරොත්තුවිය නොහැකිය.

** ඔබගේ ගෙලට රන් රිදී මුතු මැණික් වලින් පිරි ආභරණ පැළදවිය යුතු ඔබමය. ඔබගේ වෙහෙස මහන්සියෙන් එය උපයාගත යුතුය. ඔබ අන්‍යයන්ගේ දෑ පැළද යන්නේ නම් එය ගත් තැනැත්තාට නැවත දෙන්නට සිදුවනු ඇත.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::