෴ ෴අප සියල්ලෝම මනසින් උසස් මිනිසුන් වෙමු ෴෴



ලෝකයේ උපත ලබන අප සියල්ලෝම උත්පත්තියෙන් හිමිකරගත් එකම දායාදය නම් කුමක්ද? මැනවින් යහපත හා අයහපත සිතා විමසා තීරණ ගැනීමේ චින්තන ශක්තියයි. එහෙත් අද වන විට ඒ චින්තන ශක්තිය විකෘති වී ඇත. ඒ මන්ද? සත්වයාගේ මානසික අවශ්‍යතාවයන් නොතිත් ආශාවන් සමූහයකින් දැවෙන කල්හී ඔවුනොවුන් ඒ ආශාවන් සපුරන්නට නොකරන ක්‍රියාවක් නැත. ඕනම කාර්යක් සිදු කරයි. එහෙත් ඉන් ලැඛෙන ප්‍රතිඵලය මහා ඛේදජනක වූවකි.
අප සියල්ලෝම මේ විශ්ව ධාතුව තුළ උත්පත්තිය ලබන ලද්දේ යම් අවබෝධයක් ලබමින් ඒ අවබෝධය තුළින් යහපත් පුර වැසියෙකු අයුරින්ම දිවි ගෙවා ඒ ආදර්ශමත් දිවිය තුළින් තවෙකෙකුටද හැදෙන්නට වැඩෙන්නට සුදුසු මානසික පරිසරයක් ගොඩ නගන්නට මිසක් ඉන් ඔබ්බට විසිරිණු නොතිත් ආශාවන් සපුරමින් මානසික පීඩාවන් විදිමින් ජීවිතය අපිය වූවෙකු අයුරින් දිවි ගෙවන්නට නම් නොවේ. එහෙත් මේ සමාජගත පරිසරය තුළ සිදුවන්නේ එවැනි ක්‍රියාදාමයක් නොවේද? අප අද සිටින්නේ අපේ ශාරීරික අවශ්‍යතාවයන් සපුරන සමාජයක නොව වැඩිමනක්ම මානසික අවශ්‍යතාවයන්ට නතු වූ සමාජ තලයකයි. අපේ මනසින් අපට ඉල්ලන්නේ අපට කෙදිනකවත් සපුරන්නට නොහැකි දෙයක් නම් එය දැන දැනත් ඒ පසු පසම දුවන්නට වෙර දරයි. අවසානයේ මස් කටු කා හැති වැටුනු සුනඛයෙකු අයුරින් දිවි ගෙවන්නේ තමන් සිදුකළ ක්‍රියාවන්ගේ ආදීනව මරණාසන්න මොහොතේදී සිහි කරමිනි.
   
ලෝකයේ අද සහා අතීතයේ දිවි ගෙව්වාවූද දිවි ගෙවන්නාවූද මිනිසුන් මරණයට පත්වන්නේ නම් ඒ සියල්ලටම මූලිකයාවූ කටයුතු කළේ යැයි සැලකෙන එක් පුද්ගලයෙක් ඇත. එනම් ඕ බැසිල් සහරෝ යන නමින් ඇමතිනි. මොහු උපතින් බොහොම දුගී දුප්පත් පුද්ගලයෙකු උවත් අවුරුදු 27 දී මොහු කරන්නට යෙදුනු රැකියාවත් සමගම මහෙ ධනවතෙක් බවට පත්විය. මොහු මරා දමන ලද ඕනම පුද්ගලයෙකුට පවුම් 20000 ක් දෙන බවටද ඔහු වාසය කළායැයි සැලකෙන රටවල්වල මාධ්‍යය මගින් නිවේදනය කෙරිණි. කෙසේ වෙතත් මේ පුද්ගලයා සිදු කළේ තමන්ගේ ධනය ඉපැයීම සදහා මුලු සමාජ තලය තුළම අසම්මතවූ අවිආයුධ වෙලදාමයි. මොහු අවුරිදු 27දී ග්‍රීසියේ සතියකට පවුම් 5 ක කොමිස් මුදලකට වෙඩි තැබීමේ උපකරණ අලවි කරන්නෙකු අයුරින් කටයුතු කළේය. එවිට ඔහු කල්පනා කළේ මා මේ අවි වෙළදාම කරන්නට නම් ප්‍රථමයෙන් අවි ආයුධ ගන්නන් පිරිසක් නිර්මාණය කළ යුතුයි. එබැවින් මොහු සිදු කළේ කුමක්ද? ග්‍රීකයන්ගේ හදවත් තුළ තුර්කි ජාතිකයන්ගෙන් රට ආරක‍ෂා කරගත යුතුයැයි හැගීමක් මුලින්ම ඇති කළේය. එය කිසිදු විමසීමකින් එකවරම අනුමත කළ ග්‍රීකයන් බැසිල් සහ රෝගෙන් මිළදී ගත්තේ තුවක්කු හා සබ්මැරිනයක්ය. ඔවුන්ගෙන් තමන්ගේ කොමිස් මුදල වැඩිකරගත් සහරෝ නැවත තුර්කි කරුවන්ගේ සිත් තුළ කාවද්දන ලද්දේ කුමක්ද? ග්‍රීකයන්ගෙන් රට රැක ගත යුතු බවයි. මේ අයුරින් ජාති දෙක අතර මහා දැවැන්ත යුද්ධයක් නිර්මාණය කොට බැසිල් සහරෝ පසෙකට වී මහා ධන පතියෙක් බවට පත් විය. ඒ ඔහුගේ දක‍ෂතාවයක් අයුරින් අප දකිතත් ඔහු ඉන් කිසිදු මොහොතක මානසික නිදහසකින් දිවි ගෙවූ පුද්ගලයෙක් නම් නොවේ.
   
මොහු විවාහ වන්නට සිටි කාන්තාව දිනක් දුම්රියේ ගමන් කරමින් හමුවිය. එහෙත් ඇය ඒ වන විට ඇයට වඩා වයසින් දෙගුණයක් පමණ වයසැති උමතු පුද්ගලයෙක් සමග විවාහවී සිටියේය. ඇයගේ ආගමික  විශ්වාසයන් නිසා ඇය දික්කසාද වී මොහු සමග නොපැමිණියත් ඒ පුද්ගලයාගේ මියයෑමෙන් පසුව මොහු සමග උවුරුදු 2 ක් විවාහවී සිටියේය. ඒ මොහුට අවුරුදු 75 දී පමණය. ඇයට එවිට අවුරුදු 65 කි. කෙතරම් ධන ස්ඛන්ධයක් උපයා ගත්තත් මොහු ගෙවූ දිවිය ඛේදජනකයි කියන්නේ එබැවිනි. ඔහුට වෙනත් රටකට යන්නටද බියක් සිත තුළ නතු කරගන්නටම සිදු විය. ඒ මන්ද බොහෝ ජාතීන් අතර ගැටුම් අතැකර තිබූ බැවිනි.
   
ස්පාඤ්ඤ හා ඇමරිකා යුද්ධයේදීත් ප්‍රථම ලෝක යුද්ධයට වැනි මේ මහා විශාල යුද්ධයන් කරන්නට බොහෝ අවිආයුධ ප්‍රමාණයක් සපයමින් බොහෝ ජීවත ප්‍රමාණයක් විනාශ කරන ලද්දේ බැසිල් සහරෝ නැමති පුද්ගලයාගේ උත්සහයක පාපතර ප්‍රතිඵලයෙනි. මොහු හමුවට මාධ්‍යයන් තුළින් කෙතරම් ඇරයුම් ලැබුණත් ඒ කිසිවකට එකගතාවයක් නොදක්වා නිහජවම දිවි ගෙවන ලදි. කෙසේ වෙතත් මොහු උපතින් දිළින්දෙකි. එහෙත් සිතතුළ නිමවාගත් කුරිරු මානසික චින්තනය නිසා ධනවතෙක් විය. එහෙත් මොහුගේ දිවිය පිළිබදව ලියන ලද එක ග්‍රන්ථයක් නිමැවෙන්නේ මේ නමිනි.

" මියගිය බොහෝ මිනිස් ජීවිත වෙනුවෙන් ඉදිවුන සොහොන් ඔහු වෙනුවෙන් ඉදිවුණ සහිවටන වන්නේය. එහි ලියවුණ ස්මෘති ලේඛණ ඔවුන් නැගු මර ලතෝනි වන්නේය"

මේ අයුරින් සිදු වන්නේ ඇයි? ඔහු සතු දිළිදුකම නිසා යැයි කනෙක් කියාවි. එහෙත් කෙනෙක්ගේ දිවියක් විනාශ කොට ලබන ධනයේ වටිනාකම කුමක්ද යන්න ඔහුගේ දිවිය දෙස බලන කළ වැටහුණු  ඔහු කෙතරම් ධන වතෙක් උවත් ඔහුගේ දිවිය ගෙවුණේ කවර අයුරින්ද යන්න ඔබ දැන් දනී. එසේමය අපේ මේ සිහල දේශය තුළ පෙර නොතිබුණ සිංහල, දෙමළ, මුස්ලීම්, ක්‍රිස්තියානි ආගම් වාදයක් පැණ නැගී ඇත. මෙයට අප ගහ මරාගෙන හෝ එකිනෙකාගේ ආගම් වලට බැන වැදීමෙන් හෝ දෝෂාරෝපණය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? කිසිදු ඵලයක් නැත. සෑම කෙනෙකුගේම දිවියේ අඩුවීමක් පමණක් සිදු වේ.
   
අප මේ පොරකන්නේ දින කීයක් දිවි ගෙවන්නටද? ඔබ අවුරුදු 80 ක් දිවි ගෙවන්නේ නම් දින 29200 ක් දිවි ගෙවන්නට නොවේද? එසේ නම් අපට ඒ ජීවත් වෙන කාලය ජීවත් වන්නට තිඛෙන මේ බිම් කොටස් ප්‍රමාණය නොසෑහෙන්නේද? නැහැ සෑහෙනව. එහෙත් චින්තනයේ පවතින දුබලතාවයක් නිසා අප සියල්ලෝම ගැටුම් ඇති කරගෙන මියයන්නට වෙර දරනවා නොවේද? ඔබ මැනවින් සිතන්න, විමසන්න, නියැලෙන්න.
   
දිනන ලද පුද්ගලයා මැනිවින් සතුටු වෙයි. පරදින් පුද්ගලයා දුක් වෙයි. මෙය මැනවින් හදුනාගත් නිවුනු උපශාන්ත වූ තැනැත්තා කිසිවෙකුට කරදරයක් නැතිව සතුටින් දිවි ගෙවයි. මේ කරුණු කාරණා දැන දැනත් ඔබ තව තවත් විනාශ මුථයට පිය මනින්නෙකු නොවන්න. එහෙත් ඔබ සැනසිල්ලේ වැනසිල්ල අතහැර සැනසිල්ල පසු පසම යන්නෙකු අයුරින් හැඩගැසෙන්නට වෙර දරන්න. ඔබ තවමත් ප්‍රමාද නොවෙ.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::