::: මැනවින් දල්වන ලද පහන් සිල කෙතරම් යටිකුරු කළත් උඩුකුරුම වේ :::



මෙය විශ්වයේ සැබෑම වූ කාර්යකි. යම් පහන් සිලක් මැනවින් දැල්වෙන්නේ නම් එය කෙතරම් කාලයක් යටිකුරු කරන්නට වෙර දැරුවද කිසිදු මොහොතක එය ඒ අයුරින් සිදු කළ නොහැක. ඒ මන්ද එය මැනවින් දැල්වෙන නිසායෙනි. එහෙත් මැනවින් නොදැල්වෙන ලද පහන් සිලක් නම් ඒ අයුරින් දැල්වෙන්නට ඉඩක් නැ. ඒ මන්ද එයට මනා දැල්වීමේ ශක්තියක් නොමැති නිසාවෙනි. මේ විශ්වය තුළ දිවි ගෙවන්නාවූද යම් යහපත් ගුණ ධර්මන්ගෙන් පෝෂිතවූ බොහෝ පුද්ගලයින් පිරිසක්ද ඇත. ඔවුන්ටද ඒ අයුරින් කෙතරම් ගැටළු කාරී පාරිසරික තත්වයන් මුන ගැහුනත් ඒ පාරිසරික තත්වයන් ගැන කිසිදු තැකීමකින් හෝ කැළඹීමකින් තොරව ස්වකීය විමුක්තිය හෙවත් සැනසීම ලබන මොහොත දක්වා නොසැලී ගමන් කරන්නට වෙර දරයි. ඒ ඔවුන් සතු නොසැලෙන මානසිකත්වයෙන් දියුණු කරන ලද ප්‍රඥාවේ දියුණුව තුළින් ලබන ලද සැනසීමයි.
 


ලෝකයේ ගැටළුවකින් තොරවූ පුද්ගලයෙකු සොයාගන්නට නොහැක. සෑම පුද්ගලයෙකුටම කුමන හෝ ගැටළුවක් ඇත. එහෙත් ඒ ගැටළු හමුවේ අප නොසැලී කිසිදු උකටලී වීමකින් තොරව කටයුතු කරන්නට පෙළඹිය යුතුය. ඒ මන්ද අපගේ අනාගත විමුකතිය අප තුළින්ම නිර්මාණය කළ යුතු නිසාවෙන්මය. මිනිසා නැමති සත්වයා අද දින කටයුතු කරන්නට පෙළඹී ඇත්තේ ස්වකීය මානසික අවශ්‍යතාවයන්ට නතුවීමෙන්ම මිසක් පාරිසරික හෝ ශාරීරික අවශ්‍යතාවයන් මත නම් නොවේ. එබැවින් අද ගැටළු බොහොමයක් මිමැවී ඇත. එහෙත් ඒ ගැටළු හමුවේ තමන් බොහෝ ලෙස මානසිකව පීඩිත පුද්ගලයින් අයුරින් නිර්මාණය වී අවසන සියදිවි නසා ගැනීමේ තත්වයටද පත්වී ඇත.
 
අප සියලූම මිනිසුන් ස්වකීය තත්වය මැනවින් දැන හැදින සමාජගත පරිසරය තුළ දිවි ගෙවන්නට වෙර දරන්නේ නම් මේ සමාජය තුළ සිදුවන බොහෝ ගැටළු හා මානසික පීඩාවන් රාශියකටම පිළියමක් ඔබ තුළින්ම නිමැවෙනු ඇත. එහෙත් ඔබ අද ඔබ කවුරුන්ද යන්න අවබෝධ නොකර ගනිමින් දිවිගෙවන්නට උත්සහ දරන නිසාවෙන් පීඩිත මානසිකත්වයක් ගොඩ නැගී ඇත. ඔබට ඔබගේ මානසික පසුබිමට අනුකූලව කරන්නට හැකි යම් වැඩකටයුතු ප්‍රමාණයක් ඇත. ඔබ විසින් එය පමණක් සිදු කරන්නට වෙර දරන්න. එයට අමතරවූ මෙන්ම ඔබගේ මානසික ශක්තියට දරාගත නොහැකි ක්‍රියාවන් සමූහයක් සිදුකරන්නට වෙර දරන්නේ නම් එහිදී ඔබගේ මනස පීඩාකාරී තත්වයකට හා ආතතිමය තත්වයකටත් අවසානයේදී එය විශාදය නැමති රෝගයකටත් පෙරලෙන්නට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා විශාලය. අනියත වූ විශ්වයක් තුළ නියතවූ සැනසීමක් ඇතැයි සිතමින් අප උමතුවූවන් සේ ඒ මේ අත දුව පනිනවාට වඩා මේ ගෙවන දිවිය තුළ මානසික ඒකාග්‍රතාවයෙන් යුතු සැනසීමක් උදාකර ගන්නට වෙර දරන්නේ නම් එය සියලූම සත්වයින්ට යහපත්ක් සිදුකරනු ඇත. එසේ නොවන්නේ නම් අද ඇති මේ මානසික පීඩිත පරිසරය තව තවත් දෙගුණ තෙගුණ වන්නේමය.

ලෝක සම්මත ධර්මතාවය නම් කුමක්ද? උපන්නාවූ සියළුම සත්වයින් අවුරුදු 100 ක් හෝ ඊට වැඩි හෝ අඩු කාලයක් මෙලොව දිවි ගෙවා විනිශයට පත්වීමයි. ඒ දිවි ගෙවන කාලය තුළදී ඔවුනොවුන් නිවැරදි කි්‍රයාවන් සිදු කරන්නේ නම් සැහැල්ලූ මානසික පර්සරයක් නිමවාගනු ඇත. එසේම වැරදි කි්‍රයාවන් සිදු කරන්නේ නම් ඔවුන් දුක්ඛිත මානසික පරිසරයක් නිමවාගනු ඇත. එහෙත් මේ දුක්ඛිත මානසික ප්‍රතිපදාවට අනුව දුක් විදින්නට වෙන්නේ ඔවුන්ට පමණක් නොව. සමාජගත අන්‍යයන්ටද එහි අනිසි ප්‍රතිඵලයන් විදින්නට සිදුවනු ඇත. ඒ මන්ද ඔවුන්ගේ මනස තුළ හා දිවිය තුළ සැනසීමක් නැත්තේ නම් ඔවුන් අන්‍යයන්ටද යහතින් සතුටින් දිවිගෙවන්නට නොදෙනු ඇත. එය අද මේ මුළු ලෝකය තුළම අපට උදාහරණයන් මැනවින් දැක ගත හැකිය. එබැවින් අප මේ මන්දමානසික කි්‍රයා පටිපාටීන් වෙනස් කරන්නට කළ යුත්තේ සෑම සත්වයෙකුගේම මනස තුළ යහපත් ආකල්ප සංවර්ධනයක් සිදු කිරීමයි. එසේ නොකර කිසිදු මොහොතක මේ සමාජය මැනවින් නිමවන්නට නොහැකිවනු ඇත. ඔබ අප සියල්ලෝම සතුටින් දිවිගෙවන්නට කැමැත්තෝ වෙමු. එබැවින් අප මැනවින් සිහි බුද්ධියෙන් කටයුතු කරන්නට වෙර දරමු. එවිට මේ මුළු විශ්වයම සැනසුම සුසුම හෙළමින් දිවි ගෙවාවි.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::