::: අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නේ කෙසේද? :::















නසන්නට නොව තනන්නට හැකි නම් දිවියක් එය අන්‍යයන්ටද මහත් ආදර්ශයකි. එසේම තනන්නට නොව නසන්නට හැකි නම් දිවියක් එය මහත් අභාග්‍යයකි. අප ලෝකයේ දිවි ගෙවන්නේ බොහොම සීමිත කාල පරාශයක් පමණි. ඒ ගෙවන කාල පරාශය අවුරුදු සිය ගණනක් හෝ ඊට අඩු වන්නටද ඉඩ ප්‍රස්ථාව නිමවා ගන්නේ ස්වකීය චින්තන හස්තය තුළින් සිදු කරණ ලද වැරදි හා නිවැරදි ක්‍රියාවන්ට අනුව බව අප තරයේ සිහියෙහි තබාගෙන කටයුතු කරන්නේ නම් මෙලොව වැනසීමෙන් තොර සැනසීමකින් දිවි ගෙවිය හැකිය. එහෙත් අද මෙලොව දිවි ගෙවන්නවුන් සිතන්නේ ස්වකීය කුසගින්න හා සමාන කුසගින්නක් අන්‍යයන්ට නොමැති බවම නොවේද? එසේමයි. එහෙත් අප මැනවින් සිතන්නට හා විමසන්නට හැකි මිනිසුන් ලෙස මේ ලෙවන දිවයේ කෙතරම් අඩුලූහුඩුකම් ඇත්ද?අප ඒ ගැන මදක් සිතමු.


බොහෝ පිරිසක් සිතන්නේ තමන්ගේ විමුක්තිය හා සැනසීම නිමවා දිය යුත්තේ සමාජගත සත්වයින්ගෙන්ම පමණක් බවයි. එබැවින් ඔහු ස්වකීය හැසිරීම් රටාවද අන්‍යයන්ගේ වැරදි හැසිරීම් රාටාවන් හා මුසුකරන්නට වෙර දරයි. ඒ වෙර දැරීමේ ප්‍රතිඵලයක් ලෙස කෘර අන්දමින් සිත් සතන් නිමවාගත් තවෙකෙකුගේ දුකක් දැක කම්පා නොවෙන අනුවනයින් පිරිසක් නිමවයි. මෙය එදා පටන් මේ විශ්වයේ සිදුවන්නක් මෙන්ම එය වෙනස් කරන්නට කිසිවෙක් වෙර වීරිය නොදරන්නේ මන්දැයි සිතන්නටවත් ඔබ පෙළඹුනාද? නැහැ නේද?
ගෝලාකාරවූ ලෝකය තුළ විශමාකාර හැගීම් හා හැසිරීම් රටාවන්ගෙන් පෝෂිත මිනිසුන් දිවි ගෙවයි. ඒ ඒ පුද්ගලයන් තමන්ගේ සැනසීම පතා බොහෝ වෙහෙස මහන්සි වී ධන ධාන්‍යය වස්තු සම්පත් උපයයි. එහෙත් ඒ උපයන ලද වස්තුවෙන් සෑහීමකට පත් නොවී වැරදි ක්‍රියාවන් සිදු කරමින් ධනය උපයන්නට වෙර දරයි.

* අවිආයුධ වෙළදාම
* මාංශ වෙළදාම
* වහල් වෙළදාම
* මත්ද්‍රව්‍යය වෙළදාම

මේ ආදී වශයෙන් අද සමාජයේ මෙය හා ගැටෙන තව නොයෙකුත් රැකියාවන් ඉපිද ඇත්තේ ස්වකීය මානසිකත්වය සතු සිතුවිලි සනතර්පණය කිරීමේ එක් අරමුණක් වශයෙනි. එහෙත් මේ සියල්ල ස්වභාව දහමට පටහැනි බව ඔබ මදක් හෝ සිතන්නටවත් විසන්නටවත් පෙළඹෙනවාද? නැහැ නේද? ඔබ සිතන්නේ ඔබට ලැඛෙන සොච්චම් මුදල ගැන හා කුසගින්න ගැන පමණක් බව අප දනිමු’ එහෙත් ඔබ ඒ මුදලින් වින්දනය කරන්නේ තාවකාලික සැපයක් නොවේද? ඔබ ඉහතින් සදහන් කළ කවර හො මුදල්ඉපයීමේ කාර්යක නියුතු නම් ඉන් ලබන මුදල ක්ෂණයකින් විනාශ වී යයි. ඒ මන්ද ඒ නිසා තව පවුල් සිය දහස් ගණනක් කුසගින්නේ පුපුරු ගහමින් දුක්විදින නිසාවෙනි. ඔබ තවෙකෙකුට දුකක් දෙන්නේ නම් ඒ දුකම ඔබටත් අනිවාර්යෙන්ම විදින්නට සිදුවෙනවාමයි. ඔබ ස්වභාව දහම සතු කුමන හො වස්තුවක් විනාශ කරන්නේ නම් එහි වැරදි ප්‍රතිඵල ඔබට විදින්නට සිදු වෙනවාමිය.
අප සියල්ලෝම මේ විශ්වයට ආගන්තුකයන් පමණක් බව අප සිතමු. මේ ආගන්තුකයන් සමග අප යහපත් දිවියක් ගත නොකරන්නේ නම් ඉන් ඔබ්බටත් එය තේරුම් නොගන්නේ නම් එතනදිත් ඔබට දුකක් මිස සතුටක් නැත.

යථාහි අංග සම්භාරෝ හොති සද්දො රථො ඉති

යම් අංගෝපාංග රාහියකගේ එකතුවෙන් මේ පංචස්කන්ධයක් නිමැවී ඇත. මේ නිමැවුනු පංචස්කන්ධය මෙහෙයවන විඤ්ඤානය නැමති මායාකාරයාටම නතුව අප දිවි ගෙවනවාද? එහෙමත් නැතිනම් විඤ්ඤානය නැමති මායාකාරයා නිවැරදිව මෙහෙයවන්නට සුදුසු නැණසක් නිමවන්නට වෙර දරනවාද?

අවිදු අදුරට විදු පහන් දල්වන්න ඔබ පසුබට නොවන්න. එසේ පසුබට වන්නේ නම් ඔබේ දිවියේ සැනසීමක් ලද නොහැක. ඔබට යමෙක් නින්දා අපවාද කරන්නේ ඔබ සතුව වරදක් නැතිව උවත් ඔබ නිහඩව එය ඉවසා සිටින්න. ඔබට තාඩන පීඩන කළත් ඔබ නිහඩව සිටින්න. එසේ නොවන්නේ නම් මහා විනාශයක් මිස කිසිදු යහපතක් සිදු නොවේ. ඉවසීමෙන් යුතු මිනිසුන් තුළ ගජමුතු හා සමාන එකමුතු කමක් ඇත. එසේම එවැන්නවුන්ට සමාජයේ එකිනෙකා අතර පිළිගැනීමක් අතර මෙන්ම ස්වභාව දහමද එවැනි පුද්ගලයින් කායික හා මානසික පීඩාවන්ගෙන් මුදවන්නටද හැකියාව ඇත. එහෙත් ඉන් එපිට දිවි ගෙවන්නාවූ සියලූම දෙනාට වැනසීඹක් මිස කිසිදු සැනසීමක් නැත.
ඔබට දෙමාපියන් අහිමි වන්නට පුලූවනි. එහෙත් එය අද මේ විශ්වයට සාමාන්‍යය සිද්ධියකි. එහෙත් ඔබ දෙමාපියන්ගෙන් නොලැබුනු විමුක්තිය හා සැනසීම සමාජයෙන් අයදින්නෙපා. සමාජවට වෛර කරන්නෙපා. එහෙත් ඔබට යමක් කළ හැකි. ඔබට නොලැඹුනු සියල්ල ඔබට අවැසි පරිදි යහපත් අයුරින් ඔබම නිමවා ගන්න. එය අන්‍යයන්ටද හෙළිකරන්න. දූෂණ භීෂණයන්ගෙන් ග්‍රහණය වූ චින්තනයක් ඔබ නිමවන්නෙපා. එය ඔබට මෙන්ම මුලූ මහත් විශවයටම අයහපතක් බව තරයේ සිහියේ තබාගන්න.

යමෙක් වෛර කරන්නේ නම් ඔහු සිහිබුද්ධියෙන් කටයුතු කරන්නට හා සිතන්නට ඇති හැකියාව මග හරවා ගනී ඒ කෙසේද අඩ්රිනලීන් නම් හොමෝනය ශරීරයේ නිමැවීමෙනි. එසේම ඔබට දිවි ගෙවන්නට ඇති ආයුෂයද පරිහෙනු ඇත. එබැවන් ඔබ මේ ගැන සිතන්න විමසන්න. යහපත් මිනිසෙකු අයුරින් සතුටින් දිවි ගෙවන්න. එය මාගේ පරම පැතුමයි.

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::