::: ආත්මාර්ථකාමී මිසදිටු සිංහලයිනි දැන්වත් ඇස් අරින්න :::







 











 




ත්මාර්තකාමී ගතින් මිනිසුන් වුවත් නොමිනුසුන් දිවි ගෙවන මේ විශ්වය තුළ ක්‍රියාකාරීත්වය අද වැරදි පැත්තටම නතු කරන්නට බොහෝ චින්තන රාශියක් ඒකරාශී වී ඇත. එහි අවසානය නම් සිංහල ජාතියත් බුදුදහමත් විනාශ වීම නම් නොවේ. එහි ඇති බලය තව තවත් විදහා පෑමම පමණක් වන්නේය. ගිහියා හා පැවිද්දා යනු දෙදෙනෙකි. එසේම දෙදෙනාගේම ක්‍රියාකාරකම් ද දෙපරිදිය. 

එය ඒ අයුරින් මැනවින් තේරුම් ගත්තාවූ ගිහියා හා පැවිද්දා ස්වකීය වගකීම් සියල්ලම ඒ අයුරින් මැනවින් සිදු කරන්නට වෙර දරයි. එසේම එය නොතේරුම් ගත්තවුන් ඒ කිසිත් නොකර බල්ලන් මෙන් දඩාවතේ යමින් උඩු බුරන්නටත් කටයුතු කරන්නටත් වෙහෙසෙයි. එහෙත් අවසානයේ ඔවුන්ට ඉතුරු වන්නේ දඩාවතේ ගොස් මඩ නා ගැනීම හා උඩු බුරා කට රිදවා ගැනීම පමණකි. මෙය මේ අයරින් සටහන් කරන්නට මා ආදහස් කළේ මාගේ මනසට තදින්ම බලපෑ හේතුවක් නිසාවෙනි. ඒ කුමක්දැයි පසුවදී ඔබට පසක්වනු ඇත.

බුදුන් දවස වැඩසිටි දෙව්දත් තෙරුන් වහන්සේ බුදුන් මරා බුදුබව ගන්නට කෙතරම් උත්සහ දැරුවද? එහෙත් ඒ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස අදද දෙව්දත් තෙරරුන් නිරයේ පැසෙන බව අප දනිමු. එහෙත් එය නිතර නතර සිහි නොකරන නිසා කිසිදු කරුණක් නොදන්නවුන් පරිදි අතට හසුවන කුමන හෝ දැලි පිහියකින් කිරිකා දිව කපා ගන්නට වෙර දරන නින්දිත මානසිකත්වයකින් පිරි මිනිසුන් දිවි ගෙවන සමාජ තලයක් බිහිවී ඇත. බොහෝ පිරිසක් එකිනෙකා හදන්නටත් එකිනෙකාට බණ කියන්නටත් උත්සහ දරයි. එහෙත් ස්වකීය කටයුතු කිසිවක් කරන්නට වෙර නොදරයි.

    දෙව්දත් තෙරුන් වහන්සේ බුදුන් වෙත ගොස් වර පසක් අයැද සිටී.එනම් ,

1. ජීවිත කාලය පුරාවටම භික‍ෂූන් පාංශකූලික චීවරයෙන් යැපිය යුතුය.
2. ආරණ්‍යය වාසීම විය යුතුය
3. මස්මාංශ නොවැළදිය යුතුය
4.  පිණ්ඩපාතයෙන් පමණක් යැපිය යුතුය
5. ගස්මුල් වලම විසිය යුතුය

මේ කරුණු පස බුදුන් වහන්සේගෙන් අයදිනකොට බුදු හාමුදරුවො මොකද්ද දේශණා කළේ? කැමති අය මෙය අනුගමනය කරන්න. එය එසේ නොදෙසා උන්වහන්සේ තිලොවට ඇසක් බදු වූ නිසා දේශණා කරන්නට තිබුනේ නැද්ද අනිවාර්යෙන්ම එහෙම කළ යුතුයි කියල? නැහැ සිංහලයිනි. අද සිංහලයින්ගේ මොලේ කුරුවල් කරල තියෙන්නෙ කවුරුත් නෙවේ කලූ සුද්දෝ. උන් මේ රටට කළ එකම වින්නැහිය තමා අරක්කු බොන්න සිංහලයින්ට පුරුදු කළ එක. අද මොන ගැටලූව ආවත් හැම සිංහලයෙක්ම අරක්කු බෝතලේ කටේ ගහ ගන්නව. එකෙන් අද කොච්චර පවුල් ප්‍රශ්ණ ප්‍රමාණයක් ඇති වෙලාද? සෞඛ්‍ය අමාත්‍යංශයට ඒක ගැටලූවක් උනේ නැද්ද? සමහර හාමුදුරුවරු ඉන්නව තමා දානයකට මස් මාලූ ඉල්ලන. එහෙත් එය පිරිනමන දායකය දැනගන්න එපැයි එය නොදී නිහඩව ඉන්න.

තල වපුරා වී ගන්නට නොහැක. එසේම වී අපුරා තල ගන්නටද නොහැක.

මිත්‍යාව වැළදගත් මනසකට යහපත් දැකීමක් දෙන්නටද වෙහෙසක් දැරිය යුතුයි. සිංහල බෞද්ධයින්ගේ දේශය වනසන්න මුස්ලීම්, ක්‍රිස්තියානි උදවිය අද කෙතරම් දෙයක් සිද්ධ කරනවද? ඇයි ඒවට කවුරුත් හඩක් නොනගන්නේ? ආත්මාර්තකාමීන් නිසා නේද? තව කෙනෙක් කනබොන බත් පතට වැලි දාන්න බලා ඉදල සිංහලයිනි කවදාවත් සැනසෙන්න හිතන්න එපා. ඒක ඔයාලගෙම විනාෂයට හේතුවක් වෙයි. ලංකාවේ සිංහල හාමුදුරුවරු ඉන්නේ අද ආසන්න වශයෙන් 30000 ක් පමණක් බව හොදට මතක තියා ගන්න. මේ හමුදුරුවරුන්ගෙන් ගම්මානවල ඉන්න පුංචි හාමුදුරුවරු ටික් හා වයසක හාමුදුරුවරු ටික නැත්නම් ගම්මාන හැම එකක්ම මුස්ලීම් මිනිස්සු හා ක්‍රිස්තියානි අය පල්ලි කොවිල් ගහල හරක් මරනව. එදා සුමංගල හාමුදුරුවො සිංහල ජාතියත් බුදු දහමත් බේරගන්න සටන් නොකල නම් අද සිංහලයින් ඉන්නේ කාගේ යටතෙද? අනගාරික ධර්මපාලතුමා මේ රටේ හිටපු සිංහලයින්ට කියපුව අමතකද?

හොදට මතක තියා ගනිල්ල සිංහලයිනි
බලූ සුද්දො මේ රට දාලා යන්නේ උන්ගේ හැත්ත
වරිගයක්ම මේ රටේ අම්මලාට දාව උපදවල
අන්න එදාට මේ සිංහලයින්ට ඇස් ඇරෙයි

මහින්ද හාමුදුරුවො කාගෙන්ද ඇහුවේ මෙහෙම
හිස් මොළ තියෙද්දිත් සිංහල මිනිසුන්නේ
ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලූන්නේ?

මේවා කට කහනවට නෙවේ සිංහලයින් ඒ අය කීවේ. සිංහලයින්ගේ ළමයින්ට ජීවත් වෙන්න රටක් ජාතියක් ආගමක් සදාචාරයක් තියෙන්න ඕන නිසා. හාමුදුරුවරු තනිකඩයි. එහෙත් සිංහලයිනි ඔයාලගේ ළමයිට අද පාසලකට යන්න කොච්චර වෙහෙසක් මහන්සියක්ද? කන්න බොන්න කොච්චර මහන්සි වෙනවද? කැරකෙන පුටුවෙ ඉදල මේ ආටිකල් බලල කෙමෙන්ට් දැම්මට කුලියක් කරල කුඹුරක් කොටල මහන්සියෙන් සොච්චමක් හොයාගෙන බත් වේලක් ලූණුමිරිසක් එක්ක කන මිනිස්සු ගැන කවුරුත් හිතනවද? නැහැ. ලංකාවේ පාලකයො හා පාලිතයො යන සියල්ලෝම දූෂණ භීෂණ මංකොල්ල කොච්චර සිද්ධ කරණවද? ඇයි මේවට කට වහගෙන ඉන්නේ? අරක්කු, සිගරැට්, කුඩු නිසා කොච්චර සිංහල කොල්ලො ප්‍රමාණයක් අද මන්ද බුද්ධිකයන් වෙලාද? ඇයි මේව ගැන හොයන්නෙ නැත්තතෙ? කතා කරන්නෙ නැත්තතෙ? සිංහලයිනි ඔබ ඔබ සතු මනස නිරවුල් විදියට හසුරන්න. ඔබ ප්‍රථමයෙන් වැරදි නොකරන කෙනෙක් විදියට සමාජයට පිය මනින්න. ඒ දෙස බලා අන්‍යන්ද නිවැරදි අයුරින් හැඩ ගැසේවී. පිස්සො වගේ හැසිරෙන්නවත් වචන උච්චාරණය කරන්නවත් එපා. එහෙම උනොත් එහි විනාශයද සිංහලයිනි ඔබ ළගයි.

30000ක් පමන හාමුදුරුවරුන්ගේ සෞඛ්‍යය තත්වය නගා සිටුවන්න පණතක් ගෙනත් සියුලූ ගැටලූ විසදෙනවද? නැහැ නේද? ඵලය නසන්නට කළින් බීජය නසන්න. එවිට ඵලය ඉබේම නැසෙනු ඇත. කඩුවක් අතට ගත්තට බැහැ. එය මැනවින් පරිහරණය කරන්න පලූවන් දැනුමක් තියෙන්න ඕන. එහෙම නැති උනොත්තමන්ටම තමා කඩුවෙන් කපා කොටාගන්න වෙන්නෙ.

ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
සැපයක් යැයි කකුලූව දිය කෙලියේ
එපමණ තොප සිතතොත් නොහැකිලියේ
සැපයක් නම් නැත කම්රස කෙලියේ

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::