::: ඔබ මැනවින් ආලෝකමත් දිවියක් ගතකරන්නට නම් :::

සෑම පුද්ගලයෙකුම මනා සැහැල්ලූවෙන් හා සැනසීමෙන් යුතු දිවි පෙවෙතක් ගත කරන්නට වෙර දරන්නෙමු. නමුදු ඒ සැනසීම ලබන්නට ඔබ විසින් සිදු කරන්නේ කුමක්ද? ඇති අය මරා ඒ අය සතු දෑ පැහැර ගනිමින් ස්වකීය චින්තන සතු අතෘප්තිකර ආශාවන් සපුරන්නටම නොවේද? එසේම ඒ ආශාවන් සියල්ලම තාවකාලික යැයි ඔබ නොසිතයි. අද දින බොහෝ පිරිසක් ලෝක විනාශයක් ගැන කතා කරයි. එහෙත් බුදුන් වහන්සේවිසින් දේශණා කළේ කුමක්ද බඹයක් පමණ වූ අපගේ ස්වකීය ශාරීරික හා මානසික ක්‍රියාකාරීත්වය මැනවින් මෙහෙයන්න. එවිට අප ලෝකය ගැන නොසොයව්වට ගැටලූවක් නැත. ඒ මන්ද? වැරදි නොකරන පුද්ගලයට ලෝකය විනාශ වුවත් ගැටලූවක් නැත.
අග්ගඤ්ඤ සූත්‍රයේදී ඒ බැව් මැනවින් බුදුන් විසින් දේශිතව ඇත. මෙහි ඉහත සදහන් මාතෘකාවන්හී එය සදහන්ව ඇත. ගෝලාකාරවූ මේ විශ්ව ධාතුව තුළ විවිධාකාරවූ පීඩිත මානසිකත්වයන්ලෙන් දිවිය ගෙවන්නවුන් වාසය කරයි. ඔවුන් ජීවතවීම අරමුණු කරගෙන සිදුකරන ක්‍රියාවන්ගේ වැරදි නිසාවෙන් අද වාතය කම්පා වෙයි. ඒ කම්පාවූ වාතයෝ ජලය කම්පා කරයි. කම්පාවූ ජලය පොලොව කම්පා කොට නොයෙකුත් ස්වභාවික විපත් හා උපද්‍රව සිදුකරමින් වැරදි කරන පුද්ගලයන්ට දඩුවම් දෙනු ලබයි. මෙය මැනවින් අවබෝධ කරගන්නට නොහැකි මිනිසා විසින් අද දින බොහෝ වැරදි කි්‍රයාවන්හී නියැලෙයි. ඔබ වැරදි කි්‍රයාවන්හී නියැලෙමින් ලෝක විනාශය ගැන කෙතරම් කරුණු විමසුවත් කිසිවෙකුට කිසිදු ඵලයක් නැත’ එහෙත් ඔබ බුදුන් විසින් දේශිත කරුණු කාරණාවන්ට අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ය අනුගමනය කරන්න. එය ඔබ මනා සැනසීමක් වෙත මැනවින් නිතැතින්ම පමුණුවනු ඇත. එහෙත් ඔබ අද අරි අටගි මග හෝ අටලෝ දහමට නතුවන්නවුන් යැයි සිතන්නටවත් විමසනවාද? නැහැ නේද? එබැවින් තමා අප අද බොහෝ අවස්ථාවන්හීදී මානසික පීඩිත තත්වයන්ට පත්වන්නෙ. 

ඔබට මුලූ ලෝකයම වෙනස් කරන්නට අවැසි නම් ප්‍රථමයෙන් ඔබ වෙනස්වන්න’ එවිට ඔබට නතුවන අයුරින් අන්‍යය සියල්ලෝම වෙනස් වන්නට හා සැකසෙන්නට වෙර දරනු ඇත. එය තිලොවක් සනසාවදාල ලොව්තුරා බුදුන් වහන්සේ විසින් මැනවින් දේශිතව ඇත. යම් යම් පුද්ගලයන්ගේ ප්‍රසිද්ධිය අරමුණු කරගනිමින් බොහෝ පිරිසක් මේ වසර තුළදී ලෝක විනාශයක් සිදුවන බව පවසයි. එහෙත් ඒ ලෝකය විනාශවන්නේද මේ විශ්ව ධාතුව තුළ සිටින්නවුන් සිදුකරන වැරදි නිසා බව හදුනගනිමින් ඒ වරදින් මිදෙන්නට කිසිදු වෙහෙසක් නොදරයි. එසේවෙර දරන්නේ නම් ඔබේ හා අන්‍ය සත්වයින්ගේ ජීවිත මෙයට වඩා සාර්ථක වනු ඇත.
ඔබ අද පටන් ඔබේ සාර්ථකත්වයට උචිත ඇවතුම් පැවතුම් අනුගමනය කරන්න. ඒ මන්ද? ඔබ ඔබේ අසාර්ථකත්වයට පත්වන්නට සැලසුම් නොකලාට සාර්ථවන්නට සැලසුම් කිරීමට යාමේදී අසාර්ථක වන බව මැනවින් සිතහී තබා කටයුතු කරන්න. ඒ ඔබේ සාර්තකත්වය මත ලෝකයේ විනාශය හා පැවැත්ම පවතිනු ඇත’

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::