::: යුක්තියට ගරු නොකරන්නේ ඇයි? :::



"ලාපූනි සීදන්ති සිලාප්ලවන්ති මණ්ඩූකියො කණ්හ සප්පො ගිලන්ති"

මේ පාඨයෙන් පැහැදිලි කරන්නේ කුමක්ද? ලබු කබල් දියේ යට යනව.මහා ගල් කුලූ දියේ මතුපිට පාවෙනව. ගෙම්බන් නයින්ගේ පසුපස ගොස් ගිලිනව.
මේ අදහස් තුළින් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ලෝකයේ සිද්ධවන අධාර්මික කි්‍රයාපටිපාටිය නිසා සිදුවන ප්‍රතිඵලයෝම නොවේද? මේ සිහිනයන් දුටුවේ කොසොල් රජු විසින්. එයට පිළිතුරු සපයන ලද්දේ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසිනි.

අවිනීතිය දුරාචාරය රජයන සමාජයක හැම මොහොතකම සැනසීමෙන් දිවි ගෙවිය නොහැක. එසේම සුදුස්සාට සුදුසු තැන හිමි නොවන්නේ නම් නුසුදුස්සාට නුසුදුසු තැන් හිමි වන්නේ නම් එවිට ලෝකයේ සිදුවන සෑම කි්‍රයාවක්ම කනපිට පෙරලෙන බව බුදුන් වහන්සේ විසින් මැනවින් දේසිතය. එයට ඉතිහාස කතා ගෙනහැර පාන්නට කාලය නොවේ. 


ගෝලාකාරවූ ලෝකය තුළ විෂමාකාර කි්‍රයාවන් අනුගමනය කරන පුද්ගලයන් විරල නොවේ. එහෙත් ඒ සෑම කි්‍රයාවලියක්ම ඔවුන් ඉගෙන ගත්තේ මේ විශ්වය තුළ ඉපදීමෙන් පසුවමය. ඔවුන් උපතින් පසුව සමාජය දෙස බලා හුරු පුරුදු වූ කි්‍රයාවන්ම අනුගමනය කරන්නට නතු වේ. එහෙත් ඒ නතුවීම යහපත්ද? අයහපත්ද යන්න ගැන විමසන්නට කිසිදු වෙර වීරියක් නොගනී. ලෝකය තුළ දිවි ගෙවන අප සියලූ දෙනාම ස්වභාව දහමේ මැවුම් කාරයින් බව අප දනිමු. එසේ නම් අප කවර මෙහොතක හෝ ස්වභාව දහමට නතු නොවී කටයුතු නොකරන්නේ නම් එතනදී මුලූ මහත් විශ්වයම නැත්නම් ස්වභාව දහම විසින්ම අපව විනාශ කර දමනු ඇත. අප අපගේ දිවිට ආදරය කරන්නාක් මෙන්ම අන්‍යයන්ද ඔවුනොවුන්ගේ ජීවිතයට ආදරය කරයි. එය සියල්ලන්ටම පොදු වූවකි. ඔබ ඔබගේ රස නහර පිනවන්නට වෙර දරන්නේ යම් හෙයකින්ද එසේම අන්‍යයන්ද වෙර දරයි. එහෙත් ඒ වෙර දැරීම යහපත් වූවක් නොවන්නේ නම් එතනදී දුක්ඛිත විපාක විදින්නට සිදුවේ. ජීවිතය යනු නෞකාවක් බව අප දනිමු හැදිනිමු.එහෙත් ඒ නෞකාව පදවන්නට අප නිවැරදිව හුරු විය යුතුයි. යම් පහුණුවක් තිබිය යතුයි. එසේ නැතිව අපට සිතෙන අයුරින් එය පදවන්නට වෙර දරන්නේ නම් එය අසාර්ථක වන්නේය.එසේමය අප සියල්ලන්ට මේ විශ්වය තුළ කළ යුතුයැයි සම්මත වූ හා නොකළ යුතුයැයි සම්මත වූ කි්‍රයාවන් ඇත. ඒ සියල්ලම එකට පටලවා ගනිමින් කටයුතු කරන්නේ නම් එතනදී මහත් විපතක් සිදුවනු ඇත. එබැවින් අප සිදු කළ යත්තේ සමාජය තුළ යහපත් යැයි සම්මත වූවක් මිස අයහපත් යැයි සම්මත වූවක් නම් නොවේ. 

අද සමාජය තුළ දිවි ගෙවන්නවුන් බොහෝ පිරිසක් නීතිය අවිනීතිය අයුරින් ගෙන කටයුතු කරයි.ඒ තුළින් සමාජය තුළ වැරදි කරන ප්‍රමාණය තවත් ඉහල යනු මිසක් පහල යෑමක් සිදු නොවේ. එසේම යමෙක් තවෙකෙකු ඝාතනය කරමින් සැනසෙන්නට වෙර දරයි.ඒ වෙර දැරීම කෙතරම් දුරට සාර්ථකද කියතොත් ඉක්මනින්ම මානසික ආතතිවලින් පීඩිත වූාවකු ලෙස හා හිරගෙයක් තුළ ලගින්නටද සිදු වේ. එහෙත් සමහර පුද්ගලයන් ස්වකීය ධනයේ හා නිලයේ බලයෙන් මිනිසෙක් ඝාතනය කර නීතියෙන් මිදෙන්නට නොයෙකුත් උත්සාහයන් දරා එයින් කෙසේ හෝ මිදෙයි.එහෙත් ඔහුගේ චින්තනය නිතරම වද දෙන්නේ මම ඇත්තටම ඒ මිනිහව මැරුව නේද යන සිතුවිල්ලම නොවේද? එයමයි නේද? එසේ නම් ඒ පුද්ගලයාට මැනවින් නීතිය කි්‍රයාත්මක කළා නම් එවැනි ලතැවිල්ලක් පැමිණියත් නැවත සමාජය තුළ දිවි ගෙවන්නවුන් එවැනි වරදක් නොකරනු ඇත.බුදුන් වැඩ සිටි සමාජය තුළද බොහෝ මිස දිටු ආගම් ප්‍රමාණයක් පැවති බව අප දනිමු. එහෙත් ඒ ආගම් තුළින් ලෝකයේ සැබෑ ස්වභාවය කුමක්දැයි මැනවින් පසක් කර නොමැත. එබැවින් ඒ ආගම් අද ප්‍රචලිත නැත.එහෙත් ලොව්තුරා බුදුන් විසින් දේශිත සත්‍යය දහම අද පවා මැනවින් ප්‍රචලිත වන්නේ ඒ තුළ මනා අධ්‍යාත්මයක් ගොඩ නගන්නට අවැසි ප්‍රතිපදාවක් ඇති නිසාම නොවේද? ඒ නිසාමයි’ ඔබ නිවැරදි නීතියතට අනුගතව දිවි ගෙවන්න.එවිට ඔබට සිදුවන අනතුරු බොහොමයකින් බදිය හැකි. එහෙත් ඔබ නීතියට පටහැනි යමක් සිදු කරන්නේ නම් ඔබට වැනසීමක් ලද හැකි.අද හෙළදිව තිබුණු නීතිය අවිනීතියකට පත්ව ඇත. එබැවින් සියල්ලන්ටම ඉන් බොහෝ දුක් ගැහැට විදින්නට සිදුව ඇත. එය හරියට දිය මතු පිට මහා ගල් කුලූ පාවෙන්නාක් මෙන්යැයි බුදුන් විසින් දේශණා කර ඇත. රට තුළ වාසය කරන්නවුන් සියලූම දෙනා දුරාචාරයට නතුව කිසිදු හික්මීමකින් තොරව කටයුතු කරන්නේ නම් එතනදී මුලූ සමාජයම පිරිහේ. එසේම ස්වභාව දහම පවා කම්පාවට පත්ව වැරදි කරන්නවුන්ට දඩුවම් දෙන්නට පෙළඛෙනු ඇත.

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::