::: ඔබ එක් දිනක් සතුටින් ජීවත් වෙනවාද? හැමදාම සතුටින් ජීවත් වෙනවාද? :::

සිංහලයා සතු වූ හෙළ සිරිත් විරිත් සියල්ලම නැවත මතක් කර දෙමින් වැරදුන සියල්ල හා මග හැරුන සියල්ල නැවත සකසමින් නොහොද නෝක්කඩුකම් සියල්ලම මග හරිමින් අලූත් දවියක් ගෙවන්නට මන්පෙත් හෙළි කරන දිනයකි සිංහල හිංදු අලූත් අවුරුද්ද’ එහෙත් අද ඔබ එය භුක්ති විදින්නේ කෙසේද?

ඔබ සතු මානසික සැනසීම විනාශ කර ගනිමින් නොවේද? එසේමයි නේද? එහෙම නෙවේ අපි අවුරුද්ද සැමරිය යුත්තේ, අප මේ ලබාගත්ත දිවිය තුළ ගෙවන ලද දිවිය කෙතරම් සුභදායක හා යහපත් අයුරින් ගෙවනවාද යන්න විමසීම සදහාම පමණි. එහෙත් අද ඔබ සිද්ධ කරන්නේ මුලූ ලෝකයටම නැති දෙයක් මවා පෑමක් නොවේද? ඔබ අද හා හෙට නොයෙකුත් අයුරින් මුදල් සිය දහස් ගණනින් පුච්චා දමමින් මත් වතුරු හා මත් ද්‍රව්‍ය සදහාද විය පැහැදම් කරමින් සූදු පොලවල් වලටද වියදම් කරමින් මහත් විනාශයක් සිදු කරයි. අනතුරුව මේ දින දෙක ඉක්ම ගිය පසු මහා නයකාරයෙක් හා කායික මානසික සැනසීමකින් තොර උම්මත්තකයෙක් ලෙස කටයුතු කරයි.
මෙය අද මේ ලෝකය තුළ පවතින සැබෑ ස්වභාවයයි. ඒ මන්ද? කඩුව කඩුව අයුරින් මෙන්ම දැලි පිහිය දැලිපිහියක් අයුරිනුත් පරිහරණය කරන්නට නොදන්නාකම නිසාවෙන්මය. එහෙත් අපි නිවැරදි මානසික ප්‍රතිපදාවකට නතුව දිවි ගෙවන්නේ නම් කිසිදු මානසික පීඩනයකින් තොරව දිවි ගෙවිය හැක. එසේ ඒ අයුරින් දිවිගෙවන්නට වෙර දරන්නාවු ඔබ සැමට සතුට සැනසුම හදේ රජයන සදැහැ සිතුල් සිතේ ඇතිවන සුභම සුභ වාසනාවන්ත අලූත් අවුරුද්දක්ම වේවා.

යන එන ගමනෙ අති බාධක   වියැකේවා
සැනසුම් සුසුම් සැමදින      හද සුරැකේවා
වැනසුම ලොවේ නිය  දම බව වැටහේවා
හදපිරි සතුටකින් සිත්        සැම පිබිදේවා

මිනිසුන් ලෙසින් ලෝකයේ දිවි ගෙවා හිද
තිරිසන් ලෙසින් වැනසෙන්නට සිතින් මද
නොයමින් ඉතින් හෙළ සිරිතින් සිතින් තද
බැදගමු සියලූ         දෑගිලි    හැම හදින් හද

සාමය සතුට හදවත්       තුළ ඇති වේවා
ශෝකය සමග කදුලැලි කැට වියැකේවා
හදවත් සැමගේ    යහගුණදම් ඇති වේවා
වැනසුම නසා සැනසුම්     වසරක් වේවා

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::