නොසැලෙන්න නොගැටෙන්න නොතැවෙන්න එයසල ජයග‍්‍රහණය ඇත,



මුලූු විශ්වය තුළම දිවිි ගෙවන්නාවූ අප සියලුම සත්වයින් කායිකව හා මානසිකව දුර්වල වන්නේ යම් මොහොතකද අන්න ඒ මොහොතේ පටන් අප සියලූුම සත්වයින්ගේ මුලූු ජීවිිතයේම විිනාශය නිර්මානය වනු ඇත. එබැවින් අප සියල්ලෝම හැම මොහොතකම ගැටලූුවක් පැමිණි විගසම කේන්තිගෙන හෝ කළබලයෙන් විසදුම් සොයන්නට වෙහෙසෙන්නේ නම් ඒ විසදුුම මුලූ ජීවිත කාලයම දුුකක් මිස සතුටක් ගෙන නොදෙනු ඇත . එහෙත් ඉක්මන් තීරණයකින් තොරව කායික මානසික සැහැල්ලුවෙන් යුතුව තීරණයක් ගන්නට වෙර දරන්නේ නම් ඒ තීරණය නිසා මුලූු ජීවිිත කාලයම සැනසුම් සුසුම් හෙලන්නට හැකිය. මේ ලෝකය තුළ නිර්මාණය වී ඇති හා නිර්මාණය කරන ජීවී අජවී සියලුම වස්තූන් හැම මොහොතකම වෙනස්වීමට භාජනය වන බව අපි දනිමු. එහෙත් ඒ වෙනස ඒ අයුරින් දකින්නට අපි අකමැති නිසා පෙර තිබූ අයුරින්ම දකින්නට අපි වෙර දරමු. ඒ වෙර දැරීම අසාර්ථක වන්නේ යම් මොහෙතකද එයසල ඇත්තේ පරාජයෙන් යුතු කනස්සල්ලක් මිස වෙන කිසිවක් නොවේ. 
මේ විශ්වය තුළ අප හැම මොහොතකම වෙනස යන්න පරිසරයෙන් පමණක් දැක වටහා ගත නොහැක. එය මුෂ්‍යයා තුළද නිතරම සිදු වන්නකි. හැම සත්වයෙක්ම උපතේ පටන් විපත දක්වාම වෙනස් වෙමින් ඉදිරියට දිව යන ගමනේ ඒ වෙනස්වීම මදකට හෝ නවත්වන්නට යන්නේ නම් එතනදී මහා ගැටුමක් නිර්මාණය වන්නේය. ඒ ගැටුම කොතනින් කෙලවර වන්නේදැයි අප නොදනිමු. සමහර විිට සමාජගත යම් සත්වයෙකුගේ අවසන් හුස්ම පොදින්ද ඒ වෙනස සිදු විය හැක. එබැවින් අපට ලෝකයේ ක‍්‍රියාකාරීත්වය වෙනස් කරන්නට අවශ්‍යය නම් ප‍්‍රථමයෙන් ස්වකීය මානසික චිින්තනය මැනවින් වෙනස් කළ යුතුයි. එවිට මුලූ ලෝකයම ඉබේම වෙනස් කළ හැකිය. 

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::