ඔබ අනුන් සමග නොගැටෙන්න. එහෙත් ඔබ සමග ගැටෙන්න



ලස්සන මල්ගසක් නිමැවෙන්නට අවශ්‍යය කරන්නේ පිරිසිදුු වාතය ජලය හිරු රශ්මිය සද සිසිල හා පොලොව පමණි. ඒ සියල්ල මැනවින් ලැබෙන්නා වූ සියලුම වෘක්ෂයන් මැනවින් නිමැවෙනු ඇත. එහෙත් ඒ සියල්ල මැනවින් නොලැබෙන තැන ඒ මල් පැලය හෝ ගස කාල නියමයකින් තොරව විනාශයට පත්වන්නේ එය සිටවූ තැනැත්තාගේ මනසට හා කයට මහත් වෙහෙසක් උරුම කරමිනි. ඒ විඩාව දරාගන්නට නොහැකි නිසා බොහෝ පිරිසක් මම කොච්චර මේ මල් පැලයට සාත්තු කළත් වැඩක් නෑ හරියට මලක්වත් හැදෙන්නෙ නෑ කියල මහා ශබ්දයෙන් හඩ තලා එය විනාශ කරන්නටද පෙළබෙයි. ඒ නිසා ඔහුට සමාජය තුළින් නින්දා අපවාදයන් ලැබෙනු ඇත. එහෙත් අප කොතරම් වෙහෙසී මැනවින් නිමවන්නට වෙර දැරුවත් නොහැදෙන්නාවූ සියල්ල පොළොවටම දිරාපත් වන්නට ඉඩ හරිනු මිසක් ඒ පසු පසම දිව යමින් ස්වකීය මනස හා කය තව තවත් වෙහෙසට පත්කරලන්නට නොයන්න. ඒ මන්ද? ඒ තුළින් ඔබට තව නිර්මාණයක් කරලන්නට ඇති කාලය අපතේ යන නිසාවෙනි. කළ නොහැකි යැයි සම්මත කිසිවක් මේ විශ්වය තුළ නොමැති බව සිතා යමක් ස්වකීය දිවියෙන් අහිමිවූවායැයි සිතා එය විනාශ කරන්නට හෝ ඒ නිසාම තමන් විනාශ වන්නට හෝ නොයන්න. එහෙත් ඔබ වෙර දරන්න ඊටත් වඩා වෙනස් නිර්මාණයක් නිමවා මුලූු ලෝකයම මවිතයට පත්කරවමින් සියල්ලෝ තුළම තමන් පිළිබදව අවධානයක් ඇති කරලන්නට. එවිට මුලින් ඔබ සමීපයෙන් දුුරස්වූ සියල්ලේම මතකය අමතක කරලාවී

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::