Postingan

Menampilkan postingan dari Maret, 2018

අදහම දහම ලත් තැන දුබලය අඳය

Gambar
දුටුවෙමි අසරුවෙක් හිමියනි දෙමුව ඇතී ඒ අසරුවා ඒ දෙමුවින් අහර කතී මේ සිහිනයෙන් මගෙ ගත සිත කිලි පොලතී පවසනු හිමියනේ මට මින් කුමක් වෙතී මහරජ තුමනි ඔබ ඇයි මේ බිය වන්නේ මෙකලදි නොමැත මේ කිසිවක් ඵල දෙන්නේ මතු දින දිනෙන් දින අදහම රජවන්නේ එකලයි මෙහෙම නොපතන දේ සිදුවන්නේ අදහම දහම ලත් තැන දුබලය අඳය කළ යුතු නොකළ යුතු දෑ ගැන නොසිතතිය යුක්තිය අයුක්තියකට හැම පෙරලතිය සුදනන් වුවද දුදනන් මෙන් පිරිහෙතිය ධනයට නිලය බලයද හැම යටවෙනවා ඛාමුක කතුන් ලෝකයෙ නිති රජ වෙනවා ඒ හා ගැටෙන්නට පිරිමින් සැරසෙනවා අවසන සැවොම පිරහී ලොව වැනසෙනවා අදමිටු දුදන හැමටම හිස නමනු ඇත දුදනන් දුසිරිතෙන් කාලය ගෙවනු ඇත දුසිලූන් විසින් කරනා ලද සියලූ කැත වැඩ වල ඵලය වැටුනේ සිල් වතුන් මත රූ සිරි වරුණ හමුවේ නෙත වසාගෙන මල දුටු බඹරු මෙන් නෙත් යුග වසාගෙන රොන් බී මත්ව මුකුලිත මල බදාගෙන මිය යයි සැවොම අත් තටු හැම කඩාගෙන මත්දිය බිබී හැම තැන හැම පිරිහෙන්නේ නිවැරදි සිතුම් පැතුමන් නැහැ එළඹෙන්නේ අම්මද අප්ප දරුවන් නැහැ හදුනන්නේ ඇයි මිනිසුනේ මේ කිසිවක් නොපෙනෙන්නේ උමතුව සිටින විට කිසිවක් නැහැ

එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?

Gambar
එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද? බෝසතාණන් වහන්සේ එක් ආත්මයක සුණක ජාතියෙහි උපත ලබා මරනයට කැප වුනු බොහෝ සුනකයින් පිරිසක් ජීවත් කරවන්නට වරම් ලදි. ඒ කෙසේද යත්? දිනක් බ්‍රහ්මදත්ත රජුගේ රජ උයනේ සම්පටින් කරවන ලද රාජ රථයක් නවතා තිබිනි. ග්‍රීශ්ම සෘතුවේ බැවින් මේ රථය රාති්‍රයේ ඇද හැලූනු මහ වැස්සකින් හොදටම තෙමිනි. ඒ සම්පට සියල්ලම තෙමුනු හෙයින් මාංශ ගන්දය ආග්‍රහණය කරමින් ඒ වෙත පැමිණි රජ ගෙහිම සුනකයින් පිරිසක් මේ රාජ රථය සම්පූර්ණයෙන්ම කාදමා විනාශ කොට දැමීය. මෙහි ආරක්ෂාවට සිටි මුර භටයන් තමන්ගේ ආරක්ෂාව පතා ඇත්ත වසන් කොට රජ තුමාට බොරු මවා පෑමක් කොට රජුට ප්‍රකාශ කරනුයේ රජ තුමනි ඊයේ රාත්‍රීයේ නගරයේ අයාලේ යන බල්ලන් රැලක් මාලිගාවේ ජලය ගලා යන කුණු කානුව දිගේ මාලිගයට පැමිණ රාජ රථය කා විනාශ කර දමා ඇත. ඒ නිසා නගරයේ දිවි ගෙවන සියලූම සුනකයින් මරා විනාශ කල යුතුයි. රජුද කිසිත් විමසුමක් නොකර නගරයේ හා ගම් නියම්ගම්වල සැරි සරන සියලූම සුණකයින් මරා දමන්නට නියෝග කලහ. එතැන් පටන් සුනක සංහාරය ඇරබිනි. සුනකයින් සියලූම දෙනා මේ අව නඩුව බොසත් සුනකයාට දැන්වීමෙන් පසුව ඔහු රජු වෙත පැමිණ මෙයට හේතුව විමසීය. එවිට රජ