එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?


එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?

බෝසතාණන් වහන්සේ එක් ආත්මයක සුණක ජාතියෙහි උපත ලබා මරනයට කැප වුනු බොහෝ සුනකයින් පිරිසක් ජීවත් කරවන්නට වරම් ලදි. ඒ කෙසේද යත්?

දිනක් බ්‍රහ්මදත්ත රජුගේ රජ උයනේ සම්පටින් කරවන ලද රාජ රථයක් නවතා තිබිනි. ග්‍රීශ්ම සෘතුවේ බැවින් මේ රථය රාති්‍රයේ ඇද හැලූනු මහ වැස්සකින් හොදටම තෙමිනි. ඒ සම්පට සියල්ලම තෙමුනු හෙයින් මාංශ ගන්දය ආග්‍රහණය කරමින් ඒ වෙත පැමිණි රජ ගෙහිම සුනකයින් පිරිසක් මේ රාජ රථය සම්පූර්ණයෙන්ම කාදමා විනාශ කොට දැමීය. මෙහි ආරක්ෂාවට සිටි මුර භටයන් තමන්ගේ ආරක්ෂාව පතා ඇත්ත වසන් කොට රජ තුමාට බොරු මවා පෑමක් කොට රජුට ප්‍රකාශ කරනුයේ රජ තුමනි ඊයේ රාත්‍රීයේ නගරයේ අයාලේ යන බල්ලන් රැලක් මාලිගාවේ ජලය ගලා යන කුණු කානුව දිගේ මාලිගයට පැමිණ රාජ රථය කා විනාශ කර දමා ඇත. ඒ නිසා නගරයේ දිවි ගෙවන සියලූම සුනකයින් මරා විනාශ කල යුතුයි. රජුද කිසිත් විමසුමක් නොකර නගරයේ හා ගම් නියම්ගම්වල සැරි සරන සියලූම සුණකයින් මරා දමන්නට නියෝග කලහ. එතැන් පටන් සුනක සංහාරය ඇරබිනි. සුනකයින් සියලූම දෙනා මේ අව නඩුව බොසත් සුනකයාට දැන්වීමෙන් පසුව ඔහු රජු වෙත පැමිණ මෙයට හේතුව විමසීය. එවිට රජු සියලූ පුවත් දැන්වීය. අනතුරුව බෝසත් සුනඛයා ප්‍රකාශ කලේ රජ තුමනි මෙය සිදු කරන ලද්දේ මේ රජ ගෙදරම දිවි ගෙවන සුනකයින් මිසක් වෙන කිසිවෙක් නෙවේ යනුවෙනි. එය ප්‍රත්‍යක්ෂ කර ගන්නට නම් ගිතෙල් සමග කුසතණ මිශ්‍ර කොට දෙන්නට නියම කෙරින.එය ඒ ආකාරයෙන්ම පිළියෙල කොට දුන් පසු මාලිගයේ සියලූම සුනකයින් තමන් පෙරදා ගිල දැමූ සියලූ සම්පට වමාරන්නට යෙදිනි.ඇත්ත සත්‍ය මැනවින් වටහාගත් රජ තුමාට මනා දේශණාවක් බෝසත් සුනකයා දෙසීය.ඒ කෙසේදයත්?
දස රාජ ධර්මයෙන් 
සතර අගතියෙන් 
සතර සංග්‍රහ වස්තුවෙන් 
තොරව යම් රජෙක් රජ කම් කරන්නේ නම් එතනදි මහා විපත් හා විනාශ ලොකු පොඩි කාටත් විදින්නට සිදු වෙනව. එබැවින් රජ තුමණි ඔබත් එය මැනවින් උගෙන අනුගමනය කොට අනික් ප්‍රජාවටත් ඔබගේ අත වැසියන්ටත් මැනවින් හුරු පුරුදු කරවන්න. එය අදටත් හෙටටත් මතු අනාගතයටත් මහා යහපතක් සිදු කරාවී. අනතුරක් සිදු නොකරාවි. මෙය අසා සිටි රජු එතැන් පටන් මනා දිවි පෙවෙත්ක් ගත කලහ.
සොබා දහමට ලොවේ අවනත නොවන කිසිවක් නම් නැති බැවින් අප හුස්ම ගන්නේද ස්වභාව දහමෙනි. අප පානය කරන ජලයද ස්වභාව දහම සතු වූවකි. කන්න බොන්න ලැඛෙන්නේද ස්වබාව දහමෙනි. ස්වභාව දහම මහත් විප්ලවයක් අරබන්නේ යම් මොහොතකද එදිනට අප සියලූම දෙනාගේ විප්ලවයන් හා කි්‍රයාකාරකම් සියල්ල නවතා දමන්නට සිදුවන්නේ කැලණිතිස්ස රජුට හිටිය එකම දියනිය මුහුදට බිලි දී අත පිහදාගන්නට වූවාක් මෙනි. එබැවින් අප සියල්ලෝම සිතින් සිතා මනසින් විමසුම් බුද්ධියෙන් මැනවින් කටයුතු කරන්නටම වෙර දරමු. එය මහත් සැපතකි. නැති නම් මහා විනාශයකි. එය සුනාමියක් වැනි විනාශයක් වන්නටද පුලූවනි. එවැන්නක් නවතන්නට කවරෙකු නම් සමත් වේද?

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::